ජලභීතිකාව වැළඳුනු නරි රැළක් නිසා කළුතර ගමක් කැළඹෙයි - දැනටමත් ජීවිත දෙකක් අහිමි කරලා
Friday, 18 September 2020 - 9:20 | Views - 563
කලුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රදේශය ආශ්රිත වනාන්තරවල ජලභීතිකාව වැළදුනු නරි ගැවසෙන බැවින් පාසල් දරුවන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම අදාළ රෝගය පාලනයට ගත හැකි සියලු පියවර ගනිමින් සිටින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කලා.
නරි රංචු පිටින් ගම්වැදීම හා සපා කෑම හේතුවෙන් කලුතර මිල්ලනිය මූපට්ටිය ගම්මානයේ ගම්වැසියෙක් හා වයස අවුරුදු 8ක දියණියක් ජිවිතක්ෂයට පත්වු බවට පසුගියදා වාර්තා වුණා.
මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට පොලු මුගුරු සහිතව ගමන් කරමින් තමන්ගේම ආරක්ෂාව සලසා ගන්නට සිදුව තිබෙනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ කටුපොල් වගා ආශ්‍රිතව බෝ වූ සර්ප ගහණයට පිළියම් ලෙස ප්‍රදේශයට ගෙනැවිත් දමා සිටින මොණරුන් නිසා නරි මෙලෙස ගම්වැදීමට පටන්ගෙන ඇති බවයි.
ගම්මානය ආශ්රිත, වනාන්තරවල ජලභීතිකාව වැළදුනු නරි ගැවසෙන බැවින් ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙලෙස ගම් වදින්නේ සාමාන්‍ය ජනතාව නරියා ලෙසින් හඳුන්වන GOLDEN JACKAL නොහොත් ශ්‍රී ලංකා හිවලුන්.
Share This Article