අපි කිසිම පනතක් හකුළාගෙන නැහැ
Friday, 18 September 2020 - 8:42 | Views - 361

මේ වනවිට ගැසට් කර තිබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වෙනස් කිරීමකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ පනතට අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුව තුලදී සිදු කිරීමට එහිදී තීරණය වූ බවයි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයක් මඟින් පසුගියදා ප්‍රකාශයට පත් කළද ඒ පිළිබඳව අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරිම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සාමාජිකයින් 9 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කළා.
අදාල කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කෙරුණු අතර ගැසට් කළ පනත් කෙටුම්පතේ සඳහන් යම් කරුණු සංශෝධනය කිරීමටයි ඔවුන් එකඟතාව පළ කර තිබුණේ.
විගණන කොමිසම තවදුරටත් පවත්වාගෙන යාම, අමාත්‍යධූර සඳහා පනවා තිබූ සීමාවන් එලෙසින්ම තබා ගැනීම, මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සංඛ්‍යාව 5ක් දක්වා වැඩි කිරිම සහ ජනාධිපතිධූරයට අදාලව පමණක් ද්විත්ව පුරවැසිභාවයේ බාධාව පවත්වාගෙන යාම ඇතුළු කරුණු ඊට ඇතුලත්. කෙසේ වෙතත් අදාල කමිටු වාර්තාව ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරුණේ නැහැ. නමුත් 20 සංශෝධනය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම පනත් කෙටුම්පත හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවේ විවාද කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ ප්‍රකාශ කළා. මේ අතර, අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළවුණා.
Share This Article