අද සිට යළි අධික වැසි - ඉදිරි දින හතරේ මුහුදු නොයන්නැයි උපදෙස්
Friday, 18 September 2020 - 8:36 | Views - 588
අද සිට ඉදිරි දින කිහිපයේදී මධ්‍යම, ඊසාන දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ඉතා තද ප්‍රහාරාත්මක සුළං හෝ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

20 වැනිදා සිට ඊසානදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා.

එබැවින් හෙට දිනයේ සිට 22 වැනිදා දක්වා එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.

දැනටමත් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් සිටින්නේ නම් යළි පැමිණෙන ලෙසටද දැනුම්දීමක් කරනවා.

මේ අතර, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලට අද සිට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top