අද සිට යළි අධික වැසි - ඉදිරි දින හතරේ මුහුදු නොයන්නැයි උපදෙස්
Friday, 18 September 2020 - 8:36 | Views - 589
අද සිට ඉදිරි දින කිහිපයේදී මධ්‍යම, ඊසාන දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ඉතා තද ප්‍රහාරාත්මක සුළං හෝ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
20 වැනිදා සිට ඊසානදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා.
එබැවින් හෙට දිනයේ සිට 22 වැනිදා දක්වා එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.
දැනටමත් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් සිටින්නේ නම් යළි පැමිණෙන ලෙසටද දැනුම්දීමක් කරනවා.
මේ අතර, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලට අද සිට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article