Zackrydz Rodzi නමැති එම මැලේසියානු ජාතිකයා සිය නිවස ආසන්නයේ පිහිටි කැළෑවක් තුළදී අස්ථානගත වූ සිය ජංගම දුරකතනය දිනකට පසු හමුවූ අවස්ථාවෙහි එහි වඳුරන්ගේ සෙල්ෆි ඡායාරූප සහ සෙල්ෆි වීඩියෝ දක්නට ලැබුණු බව පවසයි.
ඔහු විසින් එම දර්ශන ට්විටර් ගිණුම ඔස්සේ පළ කිරීමත් සමග එය පුළුල් ලෙස අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වී තිිබිණි.
ඔහු පැවසුවේ, සිය ජංගම දුරකතනය තමන් නිදා සිටි අවස්ථාවේදී යමෙකු සොරා ගන්නට ඇතැයි සිතූ බවය. ඔහුගේ ජංගම දුරකතනය අස්ථානගත වූයේ කෙසේ ද යන්න තවමත් ඔහුට පැහැදිලි නැත.
ජංගම දුරකතනය ගත් වඳුරා එය සැපීමට උත්සහ දරන විට එහි කැමරාව සක්‍රීය වී ඇති බවට සැක කෙරේ.



