කොවිඩ් අඩපණ කළ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරුපැදි
Thursday, 17 September 2020 - 11:20 | Views - 838
කොවිඩ් -19 අඩපණ කිරීම වෙනුවෙන් විශිෂ්ට කාර්යභාරයක් ඉටුකල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ මුල්‍ය ප්‍රතිපාදනවලින් යතුරුපැදි ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසනවා.
යතුරු පැදි 807 ක් එදින බෙදාදීමට නියමිත අතර ඒ සියලු යතුරුපැදි හිමිවන නිලධාරීන් නියෝජනය කරමින් කැඳවන කණ්ඩායමකට යතුරු පැදි ප්රදානය කිරීම නිල වශයෙන් සිදු කරනු ඇති.
අදාල නිලධාරීන්ට සහභාගීවීමට පුද්ගලිකව දන්වන බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය, පවසන්නේ.
2020.09.18, සිකුරාදා පෙරවරු 10.30ට කොළඹ,ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ අතින් යතුරු පැදි ප්රදානය කරන අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ අමාත්‍යාංශ නිලධාරීන්ද එක්වීමට නියමිතයි.
මෑත කාලයේ,අදාල නිලධාරීන්ගෙන් කිසිදු අයකිරීමක් නොකොට එකවර ප්රදානය කරන යතුරුපැදි විශාලතම තොගයද මෙය වන බව සඳහන්.
Share This Article