කොවිඩ් අඩපණ කළ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරුපැදි
Thursday, 17 September 2020 - 11:20 | Views - 839
කොවිඩ් -19 අඩපණ කිරීම වෙනුවෙන් විශිෂ්ට කාර්‍යභාරයක් ඉටුකල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ මුල්‍ය ප්‍රතිපාදනවලින් යතුරුපැදි ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසනවා.

යතුරු පැදි 807 ක් එදින  බෙදාදීමට නියමිත අතර ඒ සියලු යතුරුපැදි හිමිවන නිලධාරීන් නියෝජනය කරමින් කැඳවන  කණ්ඩායමකට යතුරු පැදි ප්‍රදානය කිරීම නිල වශයෙන් සිදු කරනු ඇති.

අදාල නිලධාරීන්ට සහභාගීවීමට පුද්ගලිකව දන්වන බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය, පවසන්නේ.

2020.09.18, සිකුරාදා පෙරවරු 10.30ට  කොළඹ,ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී, ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ  අතින් යතුරු පැදි ප්‍රදානය කරන අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  සහ අමාත්‍යාංශ නිලධාරීන්ද එක්වීමට නියමිතයි.

මෑත කාලයේ,අදාල නිලධාරීන්ගෙන් කිසිදු අයකිරීමක් නොකොට එකවර ප්‍රදානය කරන යතුරුපැදි විශාලතම තොගයද මෙය වන බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top