යාපනය සරසවියෙන් ඇහෙන අමුතුම නවක වද සිද්ධිය
Thursday, 17 September 2020 - 9:48 | Views - 463
යාපනය විශ්වවිද්‍යාලයේ අමුතුම නවක වද සිද්ධියක් පිළිබඳව මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එහිදී ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් විශ්ව විද්‍යාලයේ පලමු වසර සිසු සිසුවියන්ට ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙමින් සජීවීව හා ඒවා පටිගත කොට ජංගම දුරකතන ආධාරයෙන් තමන් වෙත එවන ලෙස බලකර සිටින බවයි වාර්තාවන්නේ.

විශ්ව විද්‍යාල කාමරවල හා වැසිකිළි තුල සිට කෙරෙන මෙම ලිංගික ක්‍රියාවන් සමාජ මාධ්‍යන් ඔස්සේ නරඹන ජෙයෂ්ඨ සිසුන් ඒ ඔස්සේ තවත් අශීලාචාර ක්‍රියා සිදු කරණ ලෙසට උපදෙස් දෙන බවද වාර්තාවී තිබෙනවා.

මේ හේතුවෙන් නවක සිසුන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවටයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ විනය කමිටුවේ සහ පරිපාලන අංශයේ කථිකාචාර්යවරයෙකුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ නවක සිසුන් මෙවැනි නවක වදය දීමේ  සිද්ධියක් හෝ සිද්ධීන් පිළිබදව කිසිදු පැමිණිල්ලක් කොට නොමැති බවයි.

කවරෙකුගෙන් හෝ මේ සම්බන්ධව රහසිගතව හෝ පැමිණිල්ලක් ලැබෙන්නේ නම් එය රහසිගතව තබාගෙන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට හැකි බව කී එම කථිකාචාර්යවරයා මේ වසරේ පෙබරවාරී මාසයේදී යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ  එවැනි ක්‍රියාවන් ගණනාවක් සිදු වු බව සදහන් කළා.

මේ සම්බන්ධයෙන් පැමිණිලි ලද අවස්ථාවේදී උතුරු  පළාත් ආණ්ඩුකාරවරියද ඊට මැදිහත් වී පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව සිසුන් හය දෙනෙකු ඔවුන්ගේ ජංගම දුරකතන සමග අත් අඩංගුවට ගත් බවත් අට දෙනෙකුගේ පන්ති තහනම් කළ බවත් සඳහන් කළා.

කෙසේ වෙතත් පසුගිය පෙබරවාරී මාසයේදී මේ අයුරින් නවක වදයට භාජනය වූ සිසුවකුගේ ජනනේද්‍රයේ ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල් ගත කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top