බඩගින්නට මාලු කෑල්ලක් හොයන් ගිය වෙලාවක මාළු වෙළෙන්දෙකුගේ පිහි පහරකට ලක් වූ සුනඛයා
Thursday, 17 September 2020 - 9:12 | Views - 596
බඩගින්න කියලා කියන්නේ සාමාන්‍යයෙන් හැම කෙනෙකුටම දැනෙන දෙයක්. එය මිනිසුන්ට පමණක් නෙවෙයි සතුන්ටත් පොදුයි. ඉතිං මේ වගේ බඩගින්න ඉවසගන්න නොහැකිව මාළු ලෑල්ලක් පැත්තේ ගිය බල්ලෙකුට මන්නයකින් කෙටු පුද්ගලයෙකු සම්බන්ධයෙන් වන පුවතක් පසුගිය මාසයේදී සමාජ මාධ්‍යවලට හුවමාරු වුනා.
නමුත් මේ වෙද්දි ඒ සුනඛයා ගැන අලුත් ආරංචියක් බුකියේ හුවමාරු වෙමින් පවතිනවා.
මේ ඒ සම්බන්ධයෙන් තැබු සටහනක්...
"රාගම පැත්තෙ
මාලු කපන මාමෙක් මගෙ මූණ
කැපුවනෙ !
බඩගින්නට මාලු කෑල්ලක් හොයන් ගිය වෙලාවක,
ඒ මාමට ස්තූතියි
මම දැන් ඉන්නෙ එංගලන්තෙ
මට දැන් ඉන්නව ආදරණීය පවුලක් !
මාලුකපන මාම තාම එතන ලෑල්ලෙ
මාලු කපනව ඇති !
ස්තූතියි Animal SOS එකේ නැන්දල මාමලට"
Share This Article