ඊයේ මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු නැහැ
Thursday, 17 September 2020 - 8:37 | Views - 338

ඊයේ දිනයේ මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තාවී නැහැ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,271 ක් වන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 237 ක්.
එමෙන්ම ආසාදිතයන් 3,021 ක් සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
එමෙන්ම ඕමානයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා.
මේ අතර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති නිර්දේශ හා උපදෙස් අකුරටම ක්‍රියාත්මක කරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලූ පාසල් ප්‍රධානීන්ට දැනුම්දී තිබෙනවා.
පාසල් පරිශ්‍ර තුළ විශබීජහරණය, දෑත් සේදීම, මුඛ ආවරණ පැළදීම, ඇතුළු උපදෙස් දෙමව්පියන්, ගුරුවරුන් මෙන්ම සිසුන් මේ වනවිට අඩු අවධානයක් යොමු කර ඇති බවට ඇතැම් පාසල්වලින් තොරතුරු වාර්තා වී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
පාසල් දරුවන් ඍජුව සමාජයට මුදා හැරෙන සෑම අවකාශයක් තුලම ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමේ සමාජ වගකීම, පාසල් ප්‍රජාවට පැවරෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කළා.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ප්‍රකාශ කළේ කොරෝනා දෙවන රැල්ලක අවදානම මුළුමනින්ම රටින් පහව ගොස් නොමැති අතර, යළි ව්‍යාප්තියක් සිදුවුවහොත් එහි වැඩිම බලපෑමට ලක්වන පාර්ශවය පාසල් දරුවන් බවයි.
ඒ නිසා නොතකා හැරීම් සහ නොසැලකිලිමත්වීම වෙනුවට පූර්ණ සෞඛ්‍යාරක්ෂාව පවත්වා ගැනීමට සියලුදෙනා වගබලා ගත යුතු බව ද ඔහු කියා සිටියා.
Share This Article