නවක වදය හේතුවෙන් පේරාදෙණියේ සිසුන් පිරිසකට නිවාඩු දෙයි
Thursday, 17 September 2020 - 8:27 | Views - 442
නවකවදය සම්බන්ධයෙන් දෙමව්පියන් පිරිසක් ලබාදුන් තොරතුරු අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවන වසර සිසුන්ට නිවාඩු ලබාදීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

එහි උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක පැවසුවේ දෙමව්පියන් ලබාදුන් තොරතුරු සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

මෙතෙක් විශ්වවිද්‍යාල බලධාරින්ට අදාළ සිද්ධීන් නිරීක්ෂණය නොවුණත් පළමු වසර සිසුන් සිය දෙමාපියන්ට ඒ පිළිබඳ දැනුම්දී ඇති තොරතුරු සම්බන්ධයෙන් පාලනාධිකාරිය අතිශය සංවේදීව කටයුතු කරන බවයි උපකුලපතිවරයා කියා සිටියේ.

බොහෝදුරට නවක සිසුන්ට නවකවදය ලබාදීම දෙවන වසර සිසුන් විසින් සිදුකරන තත්ත්වයන් පවතින නිසා මෙලෙස ඉංජිනේරු පීඨයේ දෙවනවසර සිසුන්ට තාවකාලිකව නිවාඩු ලබාදුන් බව ද උපකුලපතිවරයා හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top