කිම් කාඩේෂියන් ඇතුළු පිරිසක් සමාජ මාධ්‍ය ගිණුම්වලට සිදු කරන්න යන දේ
Wednesday, 16 September 2020 - 15:08 | Views - 340
සමාජ මාධ්‍ය ඔස්සේ වෛරීසහගත ප්‍රකාශන, න්‍යායපත්‍ර සහ වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමට විරෝධය පළ කිරීම සඳහා කිම් කාඩේෂියන් ඇතුළු සිනමා සහ ගායන තරු රැසක් සිය සමාජ මාධ්‍ය ගිණුම් අත්හිටුවීමට තීරණය කර තිබේ.

"සමාජ මාධ්‍යවල ප්‍රචාරය කෙරෙන වැරදි තොරතුරු නිසා බරපතළ බලපෑම් එල්ල වනවා," නිවේදනයක් නිකුත් කරමින් කිම් කාඩේෂියන් සඳහන් කර තිබිණි.

#StopHateforProfit නමැති ව්‍යාපෘතිය යටතේ මෙම ක්‍රියාමාර්ගය සිදු වන අතර එය සංවිධානය කරන්නේ, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පිරිසකි.

ඒ අනුව, මීට එක්ව සිටින සිනමා ශිල්පීන් සහ ගායන ශිල්පීන් අද දිනයේ පැය 24 කාලයක් සිය සමාජ මාධ්‍ය ගිණුම් අක්‍රිය කරනු ඇත.

"සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන වැරදි තොරතුරු නිසා අපේ මැතිවරණවලට සහ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි බලපෑම් එල්ල වනවා," කිම් කාඩේෂියන් සිය නිවේදනයෙහි සඳහන් කර ඇත.

මේ සඳහා කිම් කාඩේෂියන්ට අමතරව, ලියනාඩෝ ඩිකැප්‍රියෝ, ජෙනිෆර් ලෝරන්ස්, ගායන ශිල්පිනී කැතී පෙරී ඇතුළු විශාල පිරිසක් එක්ව සිටින බවයි.

මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top