කිම් කාඩේෂියන් ඇතුළු පිරිසක් සමාජ මාධ්‍ය ගිණුම්වලට සිදු කරන්න යන දේ
Wednesday, 16 September 2020 - 15:08 | Views - 341
සමාජ මාධ්‍ය ඔස්සේ වෛරීසහගත ප්‍රකාශන, න්යායපත්ර සහ වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමට විරෝධය පළ කිරීම සඳහා කිම් කාඩේෂියන් ඇතුළු සිනමා සහ ගායන තරු රැසක් සිය සමාජ මාධ්‍ය ගිණුම් අත්හිටුවීමට තීරණය කර තිබේ.
"සමාජ මාධ්‍යවල ප්‍රචාරය කෙරෙන වැරදි තොරතුරු නිසා බරපතළ බලපෑම් එල්ල වනවා," නිවේදනයක් නිකුත් කරමින් කිම් කාඩේෂියන් සඳහන් කර තිබිණි.
#StopHateforProfit නමැති ව්‍යාපෘතිය යටතේ මෙම ක්‍රියාමාර්ගය සිදු වන අතර එය සංවිධානය කරන්නේ, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පිරිසකි.
ඒ අනුව, මීට එක්ව සිටින සිනමා ශිල්පීන් සහ ගායන ශිල්පීන් අද දිනයේ පැය 24 කාලයක් සිය සමාජ මාධ්‍ය ගිණුම් අක්‍රිය කරනු ඇත.
"සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන වැරදි තොරතුරු නිසා අපේ මැතිවරණවලට සහ ප්රජාතන්ත්රවාදයට දැඩි බලපෑම් එල්ල වනවා," කිම් කාඩේෂියන් සිය නිවේදනයෙහි සඳහන් කර ඇත.
මේ සඳහා කිම් කාඩේෂියන්ට අමතරව, ලියනාඩෝ ඩිකැප්රියෝ, ජෙනිෆර් ලෝරන්ස්, ගායන ශිල්පිනී කැතී පෙරී ඇතුළු විශාල පිරිසක් එක්ව සිටින බවයි.
මව්බිම
Share This Article