දිය ඇල්ලකින් පහළට පනින්න තැත් කළ 23හැවිරිදි තරුණයෙකු බේරාගනී
Wednesday, 16 September 2020 - 11:59 | Views - 1,202
දිය ඇල්ලකින් පහළට පැන සියදිවි හානි කර ගැනීමට තැත් කළ 23 හැවිරිදි තරුණයෙකු බේරා ගැනීමට හැටන් පොලිසියේ අපරාධ විමර්ෂන අංශයේ නිලධාරින් පිරිසක් අද (16) සමත්වී තිබේ.

හැටන් ඇබොස්ලි වතු යායේ සිට මහවැලි ගඟේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ජලය ගලා බසිනා දිය ඇල්ලට ඉහළින් පිහිටි ගල් තලාවක් මත තරුණයෙකු සැක සහිත ලෙස රැඳී සිටින බව දුටු එම වතු යායේ කම්කරුවෙකු, ඒ පිළිබඳව හැටන් පොලිසිය වෙත දන්වා තිබේ.

ඒ සමග හැටන් පොලිසියේ නිලධාරින් පිරිසක් එම දිය ඇල්ල අසලට ගොස්, ස්ථාන කිහිපයකින් අදාළ තරුණයා වෙත ළඟා වී අල්ලා ගැනීමට සමත්වී ඇත.

මානසික රෝගයකින් පෙළෙන බව පවසන එම තරුණයා, හැටන් රොතැස් වතු යායේ පදිංචිකරුවෙකු වන අතර, දෙමව්පියන් සමග උරණ වී සියදිවි හානි කර ගන්නා බව පවසා නිවසෙන් පැමිණ ඇති බව එම තරුණයාගේ මව හැටන් පොලිසියට පවසා තිබේ.

පොලිස් භාරයට ගත් එම තරුණයා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, මනෝ වෛද්‍යවරයෙකු වෙත ද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුගේ දෙමව්පියන් වෙත භාර දීමට කටයුතු කරන බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එස්. පලිපාන මහතා කියා සිටියේය.

රංජිත් රාජපක්ෂ - හැටන්

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top