ගැබිණි කාන්තාවක් සිදුකළ ගංජා ජාවාරමක තොරතුරු හෙළිවෙයි -[Photos]
Wednesday, 16 September 2020 - 10:55 | Views - 389
ගැබිණි කාන්තාවක් සිදුකරගෙන ගිය කේරල ගංජා ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඒ, බෙන්තොට පොලිසිය මගින් සිදුකරන ලද විශේෂ වැටලීමකදී කේරල ගංජා සමඟින් ගැබිණි කාන්තාවක් පහුරුමුල්ල ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගැනීමත් සමඟයි.
සිය සැමියා සමඟ කේරල ගංජා තොගයක් බෙන්තොට ප්‍රදේශයේ ගැණුම්කරුවන් වෙත ලබාදීමට ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
වෛද්‍යවරයෙකු වෙත යන මුවාවෙන් දීර්ඝ කාලයක සිට මෙලෙස ගංජා ජාවාරමේ නිරත වී ඇති බවටයි දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article