මුහුණු පොතෙන් හඳුනාගත් පෙම්වතියගේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව කියා පෙම්වතා අල්ලස් ඉල්ලලා
Wednesday, 16 September 2020 - 9:20 | Views - 428
නිවසේ නාන කාමරයේ සිට ලබාගත් නිරුවත් ඡායාරූප නවීන තාක්‍ෂණය ඔස්සේ තම පෙම්වතාට ලබාදීමෙන් අනතුරුව එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් තම පෙම්වතා සිය ලිංගික අවශ්‍යතා බලෙන් ලබා ගැනීමට තැත් කරන බවට තරුණියක විසින් මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ.
 
පැමිණිලිකාරිය පානදුර ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. ඇයගේ පෙම්වතා යැයි කියන අය මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.

අන්තර්ජාල පහසුකම් මත (ෆේස්බුක්) දෙදෙනා හඳුනාගෙන පසුව පෙම්වතුන් බවට පත්ව ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

පැමිණිලිකාරියගෙන් ලද පැමිණිල්ල මත සැකකාර පෙම්වතා පොලිසියට ගෙන්වා ඔහුට චෝදනා කියවා දුන්නද සැකකරු එම චෝදනාව ප‍්‍රතික්ෂේපකළ බව පොලිසිය පවසයි.

දෙදෙනා දැන් විරසක වී ඇති බවත් අධිකරණ නියෝග මත සැකකරුගේ ජංගම දුරකථනයේ සවිස්තර වාර්තාවක් දුරකථන සමාගමෙන් ලබාගෙන සැකකරුට විරුද්ධව නීති මගින් කි‍්‍රයා කරන බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top