ඩයමන්ඩ් නෞකාවෙන් කාන්දු වී ඇත්තේ බොරතෙල් නොවේ
Wednesday, 16 September 2020 - 8:28 | Views - 342
ගිනිගත් එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මුහුදට කාන්දු වී ඇත්තේ එහි රැගෙන ගිය බොරතෙල් නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
එහි සහාපති නිීතිඥ දර්ශණි ලහදපුර මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත්, නෞකාවේ එන්ජින් කාමරයේ තිබූ ඝණ දැවි තෙල් වර්ගයක් මෙලෙස මුහුදට කාන්දු වී ඇති බව රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී තිබෙනවා.
ඒ, නෞකාව අවට මුහුදු ප්‍රදේශයෙන් පසුගියදා ලබාගත් ජල සාම්පල්වල වාර්තාව ඊයේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත ලබා දෙමින්.
ඒ අනුව මෙම නෞකාවෙන් සමුද්‍ර දුෂණයක් සිදුවී ඇති බවට තහවුරු වන බවයි එම අධිකාරියේ සමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර ප්‍රකාශ කළේ.
මෙම නෞකාව මේ වන විට කල්මුණේ සිට නාවික සැතපුම් 64ක් දුරින් පවතින අතර ගින්න හටගත් අවස්ථාවේ නෞකාවට ඉසින ලද ජලය මේ වනවිට ඉන් ඉවත් කරමින් පවතින බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Share This Article