ඩයමන්ඩ් නෞකාවෙන් කාන්දු වී ඇත්තේ බොරතෙල් නොවේ
Wednesday, 16 September 2020 - 8:28 | Views - 343
ගිනිගත් එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මුහුදට කාන්දු වී ඇත්තේ එහි රැගෙන ගිය බොරතෙල් නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

එහි සහාපති නිීතිඥ දර්ශණි ලහදපුර මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත්, නෞකාවේ එන්ජින් කාමරයේ තිබූ ඝණ දැවි තෙල් වර්ගයක් මෙලෙස මුහුදට කාන්දු වී ඇති බව රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී තිබෙනවා.

ඒ, නෞකාව අවට මුහුදු ප්‍රදේශයෙන් පසුගියදා ලබාගත් ජල සාම්පල්වල වාර්තාව ඊයේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත ලබා දෙමින්.

ඒ අනුව මෙම නෞකාවෙන් සමුද්‍ර දුෂණයක් සිදුවී ඇති බවට තහවුරු වන බවයි එම අධිකාරියේ සමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර ප්‍රකාශ කළේ.  

මෙම නෞකාව මේ වන විට කල්මුණේ සිට නාවික සැතපුම් 64ක් දුරින් පවතින අතර ගින්න හටගත් අවස්ථාවේ නෞකාවට ඉසින ලද ජලය මේ වනවිට ඉන් ඉවත් කරමින් පවතින බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top