දශක හයකට පසු ආසියාවේ ආර්ථික වර්ධනය හැකිලෙයි
Tuesday, 15 September 2020 - 14:45 | Views - 323
දශක හයකට පසු ප්‍රථමවරට සංවර්ධනය වෙමින් පවත්නා ආසියාතික රටවල ආර්ථිකය මේ වසරේදි පසුබෑමකට ලක්වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.

කෙසේ නමුත් ලබන වසරේදී එම ආර්ථිකයන් ප්‍රකෘතිමත් වනු ඇති බවයි එමඟින් කියා සිටියේ.

ආසියා - පැසිෆික් කලාපයේ රටවල් 45 ක් සැළකිල්ලට ගෙන ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කළේ මේ වසරේදී ඒවායේ ආර්ථිකයන් සියයට දශම හතකින් සංකෝචනය වනු ඇති බවයි.

එම රටවල් 1962 වසරෙන් පසුවයි මෙලෙස ඍණ වර්ධනයක් සටහන් කර ඇත්තේ.

කෙසේ නමුත් ලබන වසරේ කලාපයේ රටවල් ප්‍රකෘතිමත් වෙමින් සියයට 6.8 ක වර්ධනයක් අත්කරගනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කළා.

කෙසේ නමුත් එය කොවිඞ් 19 ගෝලීය වසංගතයට පෙර තත්වයන්ට වඩා පහළ අගයක් ලෙස සැළකිය හැකියි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top