දශක හයකට පසු ආසියාවේ ආර්ථික වර්ධනය හැකිලෙයි
Tuesday, 15 September 2020 - 14:45 | Views - 324
දශක හයකට පසු ප්රථමවරට සංවර්ධනය වෙමින් පවත්නා ආසියාතික රටවල ආර්ථිකය මේ වසරේදි පසුබෑමකට ලක්වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.
කෙසේ නමුත් ලබන වසරේදී එම ආර්ථිකයන් ප්රකෘතිමත් වනු ඇති බවයි එමඟින් කියා සිටියේ.
ආසියා - පැසිෆික් කලාපයේ රටවල් 45 ක් සැළකිල්ලට ගෙන ආසියානු සංවර්ධන බැංකුව ප්රකාශ කළේ මේ වසරේදී ඒවායේ ආර්ථිකයන් සියයට දශම හතකින් සංකෝචනය වනු ඇති බවයි.
එම රටවල් 1962 වසරෙන් පසුවයි මෙලෙස ඍණ වර්ධනයක් සටහන් කර ඇත්තේ.
කෙසේ නමුත් ලබන වසරේ කලාපයේ රටවල් ප්රකෘතිමත් වෙමින් සියයට 6.8 ක වර්ධනයක් අත්කරගනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව ප්රකාශ කළා.
කෙසේ නමුත් එය කොවිඞ් 19 ගෝලීය වසංගතයට පෙර තත්වයන්ට වඩා පහළ අගයක් ලෙස සැළකිය හැකියි.
Share This Article