නිව් ඩයමන්ඩ් නෞකාවේ එන්ජින් කාමරයේ සාම්පල රජයේ රස පරීක්ෂකට
Tuesday, 15 September 2020 - 13:35 | Views - 397
ගිනි ගැනීමට ලක් වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ එංජින් කාමරයෙන් සහ නෞකාව ඇතුළතින් ලබාගත් ඉන්ධන සාම්පල අද රජයේ රස පරීක්ෂක වෙත භාර දීමට නියමිතව තිබෙනවා.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළේ එම සාම්පල ලබාගත් කණ්ඩායම අද කොළඹට ලඟා වීමට නියමිත බවයි.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව නෞකාවට ඊයේ ඇතුළු වූ මෙම පිරිස අදාල සාම්පල ලබා ගැනීම සිදු කරනු ලැබුවා.
නෞකාව ගිනි ගැනීමෙන් පසු එය පැවති මුහුදු සීමාවේ තෙල් පැල්ලමක් නිර්මාණය වූ අතර මුහුදු ජලය ද රැගෙන පරීක්ෂා කිරීමටයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කටයුතු කරනු ලැබුවේ.
රජයේ රස පරීක්ෂකවරයා වෙතින් ඊට අදාළ වාර්තාව අද හෝ හෙට දිනයේදී ලැබෙනු ඇතැයි එම අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළා.
මෙම නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවට නැගෙනහිරින් නාවික සැතපුම් 60ක දුරින් පවතින අතර නෞකාව අයත් සමාගම විසින් එවනු ලැබූ කණ්ඩායම එහි රැඳී සිටිමින් පරීක්ෂා කිරීම් තවදුරටත් සිදු කරමින් සිටින බවයි නාවික හමුදාව කියා සිටියේ.
Share This Article