වැරදි තීන්දුවක් දුන් බවට පසුව ඔප්පු වුවහොත් එම නඩුව ගැන යළි විමසා බලන්නැයි ඉල්ලීමක් කළ හැකියි
Tuesday, 15 September 2020 - 10:09 | Views - 262
යම් විනිසුරුවරයෙක් වැරදි තීන්දුවක් දුන් බවට පසුව ඔප්පු වුවහොත් ඒ පිළිබඳ ප්‍රතිශෝධනයක් ඉදිරිපත් කර එම නඩුව ගැන යළි විමසා බලන්නැයි ඉල්ලීමක් කළ හැකි බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ, හිරු ටී.වී සලකුණ දේශපාලන වැඩසටහන සමග ඊයේ (14) රාත්‍රී එක්වෙමින්.

පද්මිණි රණවක විනිසුරුවරිය ඇතුළු ඇතැම් විනිසුරුවරුන්, රන්ජන් රාමනායක සමඟ කළ දුරකථන සංවාද ප්‍රසිද්ධ වී ඇති බවත් ඒවායේ ඇතැම් නඩු තීන්දු දුන් ආකාරය ගැන සඳහන් වන බවත්, එවැනි අවස්ථාවන් පිළිබඳ  කුමන ක්‍රියාමාර්ග ගත හැකිද යන්නත්, අධිකරණ අමාත්‍යවරයාට ප්‍රශ්නයක් යොමු වුණා.

එහිදී ඔහු ඉහත කරුණ සඳහන් කළ අතර අදාළ දුරකථන සංවාද සිද්ධිය ගැන, තමා දන්නා තරමින් අධිකරණ සේවා කොමිසම විමර්ශනයක් කරමින් සිටින බවද කියා සිටියා.

නීතියේ පාලනයට අත්‍යවශ්‍ය වන්නේ ස්වාධින අධිකරණයක් බවයි අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මෙහිදී අවධාරණය කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top