සිකුරු තරුවේ ජීවය ඇත්දැයි සැක
Tuesday, 15 September 2020 - 9:12 | Views - 368
ආදරය සහ අලංකාරත්වයේ දෙවඟනගේ නමින් හැඳින්වෙන වීනස් හෙවත් සිකුරු තරුවේ ජීවය පැවතිය හැකි බවට විද්‍යාඥයන් විසින් නව අනාවරණයක් සිදුකර තිබෙනවා.
සඳට පසු අහසේ දීප්තිමත්ම වස්තුව වන සිකුරු, තරුවක් ලෙස හැඳින්වුවත් එය සූර්යයාගේ සිට ස්ථානගතවී ඇති දෙවන ග්‍රහලෝකයයි.
නව සොයාගැනීම වන්නේ සිකුරු ග්‍රහයාගේ මතුපිට සිට කිලෝමීටර 60 ක් පමණ ඉහළින් වූ අවකාශයේ ෆොස්ෆයින් නැමති වායු වළාවක් සොයාගැනීමයි.
කාබනික ද්‍රව්‍ය දහනයේදී පෘථිවිය තුළ ඇතිවන මෙම වායුව ජීවයේ පැවැත්මට ඉඩ සළසන බව තහවුරු වී ඇති කරුණක්.
මේ නිසා සිකුරු ග්‍රහයාගේ එම වායු වළාව තුළ ජීවය පැවතීමේ අවස්ථාවක් පවතින බව සඳහන්.
එහෙත් ඊයම් පවා දිය කළ හැකි සිකුරු ග්‍රහයාගේ දිවා කළ මතුපිට උෂ්ණත්වය හේතුවෙන් ෆොස්ෆයින් වායුව සොයාගැනීමෙන් එහි නියත වශයෙන්ම ජීවය පවතින බවට සැළකීම දුෂ්කර බව ඇතැම් විද්‍යාඥයන්ගේ අදහසයි.
Share This Article