පුරවැසි වගකීම් අමතක කර, තරුණිය දියේ ගිලෙන හැටි වීඩියෝ කළ 15 දෙනෙකුට අත්වූ ඉරණම
Monday, 14 September 2020 - 15:55 | Views - 546
කටුගස්තොට පාලමෙන් ගඟට පැන්න තරුණියක දියේ ගිලෙමින් සිටියදී පාලම මත මාර්ගය අවහිර වනසේ වාහන නවත්වා තරුණිය දියේ ගිලෙන දර්ශන ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කළ බව කියන රියැදුරන් 15 දෙනකුට තරයේ අවවාද කරමින් රුපියල් 2000.00 බැගින් දඩ පත්‍රිකා නිකුත් කිරීමට කටුගස්තොට පොලිසිය පියවර ගෙන ඇත.
 
පසුගිය 11 දින පෙරවරුවේ මෙම තරුණිය ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇතිවූ සිත්තැවුලක් නිසා ගඟට පැන ඇති අතර ඇය එහිදී මරණයට පත්ව ඇත. එම අවස්ථාවේ 300 ක පමණ පිරිසක් පාලම මතට රැස්ව තරුණිය දියේ ගිලෙන ආකාරය ජංගම දුරකතන මගින් වීඩියෝ ගත කරමින් සිට ඇත.

පාලම මතින් ගමන් ගනිමින් තිබූ වාහනවල රියැදුරන්ද වාහන පාලම මතම නවත්වා සිද්ධිය විඩියෝ ගත කිරීමට උත්සහ කිරීම නිසා මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිවූ බව පොලිසිය පවසයි.
 
මාර්ගය අවහිර වනසේ රථවාහන නවතා තැබීම යටතේ අදාළ රියැදුරන්ට දඩ පත්‍රිකා නිකුක් කර තිබේ.
 
පුරවැසි වගකීම් අමතක කර සෙසු ජනතාවටද අපහසුතාවට පත්වන සේ යළිත් කටයුතු නොකරන ලෙස අදාළ පිරිසට අවවාද කිරීමට කටුගස්තොට පොලිසියේ ස්ථානාධිපති ඩබ්ලිව්. එම්. එස්. උවින්දසිරි මහතා පියවරගෙන ඇත.
 
කටුගස්තොට පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා ඇතුළු රථවාහන නිලධාරීන් මාර්ගය අවහිර කරමින් වාහන නවතා ගෙන සිටි රියැදුරන්ට දඩ පත්‍රිකා නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
 
සමන්තී වීරසේකර
දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top