ටික් - ටොක් මිලදී ගැනීමට ඔරකල් ඉදිරියෙන්
Monday, 14 September 2020 - 15:39 | Views - 377
සුප්‍රකට ටික්-ටොක් චීන මෘදුකාංග යෙදවුමේ ඇමරිකානු මෙහෙයුම් මිලදී ගැනීම සඳහා මයික්‍රොසොෆ්ට් ආයතනය ඉදිරිපත් කළ යෝජනා ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වනවා.

ට්‍රම්ප් පරිපාලනය විසින් ටික් ටොක් මෘදුකාංග යෙදවුම විකුණා දැමීම සඳහා චීන බයිට් ඩාන්ස් ආයතනයට දින 90 ක කාලයක් ලබා දුන්නේ එසේ නොවුවහොත් එය තහනම් කරන බව පවසමින්.

ටික් - ටොක් ඇමරිකානු මෙහෙයුම් මිලදී ගැනීමට පෙරමුණේ සිටි මයික්‍රොසොෆ්ට් ආයතනයේ යෝජනා ප්‍රතික්ෂේප වීම නිසා දැන් ඒ සඳහා ඔරකල් ආයතනය උත්සාහයක නිරත වන බව සඳහන්.

දත්ත ගබඩා තාක්ෂණය සහ ව්‍යාපාර වෙනුවෙන් සැකසූ ක්ලවුඞ් අවකාශ පද්ධති අලෙවිකරණ ඔරකල් ආයතනය සැබවින්ම මයික්‍රොසොෆ්ට් ආයතනයට වඩා වැඩි ලන්සුවක් ඉදිරිපත් කර ඇති බවයි වෝල් ස්ටී්‍රට් ජර්නල් සහ රොයිටර් ප්‍රකාශ කළේ.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ටික් - ටොක් ආයතනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top