සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ විශේෂඥ කණ්ඩායමක් අද ගිනිගත් නෞකාවට
Monday, 14 September 2020 - 12:54 | Views - 259

ගිනි ගැනීමකට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඞ් නෞකාව තුළ ඇති ඉන්ධන සාම්පල ලබාගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ විශේෂඥ කණ්ඩායමක් අද එම නෞකාව වෙත පිටත්ව ගොස් තිබෙනවා.
ත්‍රිකුණාමලය වරායෙන් මොවුන් මෙලෙස නෞකාවට රැගෙන යනු ලැබුවේ නාවික හමුදාව විසින්.
නෞකාවේ ඉන්ධන සාම්පල ලබාගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියට නියෝග කළ අතර, ඒ අනුවයි මෙම විශේෂඥයින් පිරිස අදාළ නෞකාව වෙත පිටත්ව ගොස් ඇත්තේ.
මේ අතර දැනට නැගෙනහිර මුහුදේ සිට නාවික සැතපුම් 51ක් දුරින් පවතින මෙම නෞකාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.
ඊට අදාළ නෞකාව සම්බන්ධයෙන් මෙහෙයුමට එක්ව සිටින රාජ්‍ය ආයතනවල නියෝජිතයින් එක්ව සිටින බවයි සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර ප්‍රකාශ කළේ.
මෙම නෞකාව මෙරටට රැගෙන එන්නේද, එසේ නොමැතිනම් එය පිටත් කර හරින්නේද යන්න මෙහිදී තීරණය කරනු ඇති බව සාකච්ඡාවට එක්වීමට පෙර හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.
පසුගිය 3 වැනිදා උදෑසන මෙම නෞකාවේ එන්ජින් කාමරය තුළ අදාළ ගින්න හටගනු ලැබුවේ කුවේට් හි මිනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ ඔඩීෂා හි පරදීප් වරාය වෙත බොරතෙල් මෙටි්රක් ටොන් දෙලක්ෂ හැත්තෑදහසක් රැගෙන යමින් සිටියදියි.
Share This Article