කොළඹ අවට ප්රධාන මාර්ග කිහිපයක රථවාහන තදබදයක්
Monday, 14 September 2020 - 11:39 | Views - 626
අද සිට ක්රියාත්මක මංතීරු නිතිය හේතුවෙන් කොළඹ අවට ප්රධාන මාර්ග කිහිපයක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තාවනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී රථවාහන පොලිසිය සඳහන් කළේ පාර්ලිමේන්තු වට රවුමේ සිට කොටා පාර දෙසට සහ ඩී.එස්. සේනානායක මංසන්ධිය අවට මෙලෙස රථවාහන තදබදයක් පවතින බවයි.
එමෙන්ම පෑලියගොඩ සහ කැළණි පාලම අවට කොළඹ - නුවර මාර්ගයේ සහ නුගේගොඩ සිට හයිලෙවල් මාර්ගයේ මෙම රථවාහන තදබදය පවතින බවද වාර්තා වනවා.
එමෙන්ම දෙහිවල සහ කොහුවල සිට ගාලු පාරට පිවිසෙන මාර්ගද අවහිර වී තිබූ අතර, මේ වනවිට එය තරමක් යථා තත්වයට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.
Share This Article