මිය ගිය ජනප්‍රිය නළු සුශාන්ත් වෙනුවෙන් දානය දුන් ශ්‍රී ලාංකීක රසිකාවියගේ සටහන බුකිය උණුසුම් කරයි
ජනප්‍රිය බොලිවුඩ් නළුවකු වන සුශාන්ත් සිං රාජ්පුත් මිය ගොස් මේ වනවිට මාස තුනක් සපිරෙනවා.
ඒ වෙනුවෙන් ඔහුගේ රසිකාවියක් විසින් පිංකමක් සංවිධානය කර තිබුණා.
ඇය විසින් මේ බව සඳහන් කරමින් JUSTICE_FOR_SUSHANT නමැති ෆේස්බුක් සමූහයේ සටහනක් ද තබා තිබුණා.
"අප ශ්‍රී ලාංකේයන් වන්නෙමු, අප අදහන බුදු දහම අනුව සුෂාන්ත් වෙනුවෙන් චාරිත්‍ර ඉටු කළෙමු. ඔහුගේ ආත්මයට සැනසීමක් ලැබේවා.." යනුවෙනුයි ඇය සටහන් කර ඇත්තේ.
මේ වනවිට අදාළ සටහන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහකට ලක්ව තිබීමත් විශේෂත්වයක්.
සුශාන්ත් පසුගිය ජුනි මස 14 වනදා ඔහුගේ නිවස තුළදී සියදිවි නසාගෙන තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් එය සියදිවිනසාගැනීමක් නොව ඝාතනයක් බවට පවසමින් බොහෝ පිරිස් නඩු ගොනු කර තිබු අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් විමර්ශන ද ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
එහි ප්‍රධාන චූදිතයා ලෙස නම් කර ඇත්තේ, සුශාන්ත්ගේ පෙම්වතිය වන රියා චක්රබෝතීයි.
මේ වනවිට මත්ද්‍රව්‍ය භාවිත කිරීම සහ සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.


