පිහි පහර දී නදීකාව කෲර ලෙස ඝාතනය කෙරූ, බෝඩිම්කරුවා කළ අදහාගත නොහැකි පාපොච්චාරණය මෙන්න
Monday, 14 September 2020 - 10:13 | Views - 311
ඒ පසුගිය මස 24 වැනි දිනයි. එදා උදේ සක්විත පුතා පාසලට ඇරලවූ පියා සිය ත්‍රීරෝද රථයෙන්ම රැකියාවට යන්නට ගියා. පාසල නිම වීමෙන් අනතුරුව සක්විත පුතා ගෙදර කැඳවාගෙන එන්නේ අම්මායි. ඇය පාසල නිමවීමට ටික වේලාවකට පෙර පැමිණ ගේට්ටුව අසළ රැඳී පුතා එනතුරු බලාසිටියා.

එදා පාසල නිමවී ගේට්ටුව අසළට ආ සක්විත පුතා වටපිට බැලුවේ අම්මා පෙනෙන්නට නොවූ නිසායි. කොපමණ වට පිට බැලුවත් පෙනෙන තෙක් මානයක අම්මාගේ හෙවනැල්ලක්වත් පෙනෙන්නට නැහැ.

මින් සක්විත ගේ සිත සලිතව ගියත් 11 හැවිරිදි කොලු ගැටයෙකු වූ ඔහු තනිවම නිවස බලා පිටත් වුනා. එකහමාර පමණ වෙද්දි පුතා නිවසට ආවා.

"අම්මේ අම්මේ ඇයි අද ආවේ නැත්තේ.. මම තනියම ගෙදර ආවා.." ලෙසින් කියාගෙනයි. එහෙත් අම්මාගෙන් ප්‍රතිචාරයක් නැහැ..

"අම්මේ කොහෙද ඉන්නේ.."

එසේ කියාගෙන පුතා නිදන කාමරයටය ගතියේ අම්මාට නින්ද ගිහින්වත් යැයි සිතමිනුයි.

අම්මා කාමරයේ ඇඳ මත උඩුබැලි අතට නිදා සිටිනවා. කතා කළාට ප්‍රතිචාරයක් නැහැ.

"අම්මාට මොනාද වෙලා තියෙන්නේ.. නින්ද ගිහින්වත්ද?"

එලෙස පුතා ට ඒ බව කියන්නට සිටින්නේ යාබද කාමරයේ කුලියට සිටින ජගත් අංකල් පමණයි.

"අංකල් අම්මා ඇඳේ නිදාගෙන ඉන්නවා. කතා කළාට ඇහැරෙන් නෑ.."

ජගත් නිවසට ගොඩ වූයේ ඉන් පසුවයි. කාමරයේ විදුලි බුබුළු දල්වා බැලූ ඔහු දුටු දෙයින් තිගැස්සුනා. පුතුගේ මව කවුරුන් හෝ මරා දමා තිබුනා. සිරුර පුරාම කැපුම් පහරවල් වුනා. ගලා ගිය රුධිරයෙන් මෙට්ටය පෙඟී ගොස් තිබුනා. ඇගේ සිරුරේ ඇඳුම් ද ගැලවී නිරුවත්ව තිබුණා.

පුතාට එතැනට සිටින බව පැවසූ ජගත් වහා නිවසින් පිටව ගොස් අසළ පදිංචි හිතවත් කාන්තාවක් ලොකු අක්කා හමුවට යනවා.

"ලොකු අක්කේ මාර වැඩක්නේ වෙලා තියෙන්නේ... ගෙදර අක්කව කවුද මරලා දාලා.."

මෙම පුවත ලොකු අක්කාට පවසනවාත් සමඟ ඔහු හදිසි ඇමතුම් අංශයට ද දැනුම් දුන්නා.

සිද්ධිය සැලවූ වහාම බියගම පොලිසියේ පිරිසක් මල්වාන පාරේ පිහිටි මෙම නිවසට පිටත් වුනා. ඒ වන විටත් විශාල පිරිසක් නිවසේ රොක් වී සිටියා.

"සර්.. අර කාමරේ තමයි මරලා දාලා තියෙන්නේ.." අජිත්ගේ මඟ පෙන්වීමට අනුව කාමරයට ගිය පොලිසිය දැඩි වෛරයකින් කපා කොටා ඇය මරා දමා ඇති බවක් දුටුවා. අනතුරුව අපරාධ අංශය පුතාගෙනුත් ජගත්ගෙනුත් තොරතුරු විමසන්නට වුනා.

"සර් මම මේ ගෙදර බෝඩිං වෙලා ඉන්නේ.. අද උදේ මම නැගිටලා නාලා කරලා කඩේ පැත්තට ගිහින් සිගරට් එකකුයි යෝගට් පානයකුයි බීලා ගෙදරට එද්දි වෙලාව උදේ දහය වෙලා තිබ්බා.."

"මිදුලේ මන්න පිහියක් වැටිලා තිබ්බා. ගේ ඇතුළෙන් කෙඳිරි ගාන හඬක් ඇහුනා. නදීකා අක්කා කෙඳිරිගානවා වගේ තමයි මට ඇහුණේ.. මට හිතුණා, අර මන්නෙන් පොල් ගෙඩියක්වත් සුද්ද කරන්න ගිහින් අත කැපිලා වත් ද කියලා.."

"මම මිදුලේ ඉඳගෙනම නදීකා අක්කේ කියලා කතා කළා. ඒ එක්කම ඇතුළේ අයියා කතා කරලා කිව්වා හරි මල්ලි හරි කියලා. පස්සේ මම මගේ කාමරේට ගියා. පුතා ඇවිත් කිව්වම තමයි මම දැනගත්තේ නදීකා අක්කව මරලා කියලා.."

විමර්ශන නිලධාරින්ට මේ අඹුසැමියන් අතරේ අඬදබර සිදුවන බවට තොරතුරු ලැබී තිබුණා.

ඒ අනුව රැකියා ස්ථානයට ගොස් හොර රහසේ යළි පැමිණ බිරිය මරා ඔහු යළි රැකියා ස්ථානයට පිටව යන්නට ඇති බව පොලිසිය සිතුවා. එහෙත් බෝඩිංකාරයා පවසන්නේ ඇත්තක් නොවන බවද ඔහුගේ දෑස්වලින් හා ඉරියව්වලින් නිලධාරින් වටහා ගත්තා.

"තමුන්ට හොඳටම විශ්වාසද උදේ ඔය ගෑනු කෙනා කෙඳිරි ගාද්දි තමුන් කතා කළාම උත්තර දුන්නේ එයාගේ මහත්තයා කියලා.."

"ඔව් සර්.. මම දැන් මේ ගෙදරට ඇවිත් මාස හය හතක් වෙනවා. මට අයියගේ කටහඬ හොඳටම හුරුයි. අයියයි අක්කයි අතරේ නිතරම ගෝරි තිබුනා. ඒ අයියගේ කටහඬ තමයි සර්. සත්තයි. අම්මපල්ලා අයියම තමයි ගේ ඇතුළේ ඉඳලා මට කතා කළේ.."

මොහු පවසන දෙයට කන්දුන් නමුත් කිසිවක් නොපැවසූ පොලිසිය මුලින්ම කළේ ඇයගේ සැමියාගේ යාම් ඒම් පරීක්ෂා කළා.

ඔහුගේ රැකියා ස්ථානය අවට සීසීටීවි කැමරා නිරීක්ෂණය කරද්දි පෙනී ගියේ උදේ 11.14ට, 11.25ට මෙන්ම 11.35ටද මොහු ඉන්නේ කොටහේනෙයි.

ඉන් අනතුරුව ඔහුගේ ජංගම දුරකථන දත්ත හා බෝඩිංකරුගේ දත්තද ලබා ගන්න පොලිසිය කටයුතු කළා. ඒ අනුව සැමියාගේ දුරකථනය ක්‍රියාත්මක වන්නේ කොටහේන දුරකථන කුළුණූ ඔස්සේ පමණයි.

එහෙත් බෝඩිංකාරයාගේ දුරකථනය ක්‍රියාත්මක වන්නේ ඝාතනය සිදුවූ භූමිය ඔස්සේ පමණයි.

මොහු බොරුවක් කරන බව පොලිසිය වටහා ගත්තා. එසේම ඔහු එදා උදේ කඩේට ගොස් ආපසු එද්දි මිදුලේ මන්න පිහියක් තිබූ බව කීවත් එය හමුවීද නැහැ. ඔහු නදීකාගේ අවසන් කටයුතු වලට සහභාගී වී සහය වී ඇත්තේද කිසිවෙකුට සැක නොහිතෙන අයුරින්.

ඝාතනයෙන් දින තුනකට පසු මොහු අත්අඩංගුවට ගන්නා අතර ප්‍රශ්න කිරීමේදී ඔහු නදීකා ඝාතනයේ සියලු තතු හෙළි කරන්නට වුනා.

මොහු උඩවලව ප්‍රදේශයේ පදිංචිකාරයෙක්. වයස අවුරුදු තිස් හයක්. අවිවාහකයෙක්. මොහු 2015, 2016 වර්ෂවලදී කල් ගෙවා ඇත්තේ මීගවත්ත පොලිස් බල ප්‍රදේශයේ කරණවෑමියකු ලෙසයි. ඒ අවධියේදී අපරාධ සිද්ධි කිහිපයකට මීගවත්ත පොලිසියෙන් අත්අඩංගුවට ගන්නා මොහු වසර දෙකක් සිර ගෙවල් ගත කර තිබුනා. මොහු බියගමට එන්නේ ඉන් අනතුරුවයි.

කොරෝනා සමඟ රැකියාවට සමුදෙන මොහු කුලී කම්කරු වෘත්තිය තෝරාගත්තා. නදීකාගේ බෝඩිමට මොහු එන්නේ පෙබරවාරි, මාර්තු වන මාස වලයි.

මේ නිවසට එපිටින් පදිංචි ලොකු අක්කා සහ නෝන අක්කා යන දෙදෙනාගේ සැමියන් ද පෙදරේරුවන්. ජගත් ඔවුන්ට අත් උදව් දෙන අතර ටික කලක් යද්දි මොහු ඔවුන්ගේ හොඳම හිතවතෙකු බවට පත්වුනා.

මේ අක්කලා දෙදෙනා බොහෝ විට නදීකාගේ නිවසට ද පැමිණියා. ඒ පොලියට මුදල් ලබා ගැනීමට, පොලි මුදල් ගැනීමට හා ඕපදූප කතා කිරීමටයි.

"නදීකා අක්කා මට නිතරම බනිනවලු. අරූ මහා කාළකණ්ණියෙක්. ඌ නැගිටින්නේ උදේ දහයට එකොළහට විතර. රෑ එළිවෙනකන් ලයිට් දාගෙන ඉන්නවා. වේල් තුනම කාලා කෑමට සල්ලි දෙන්නෙත් නෑ කියලා ලොකු අක්කයි නෝන අක්කයි එක්ක බැනලා තිබුණා. ඒ අක්කලා දෙන්නා මට කිව්වා..."

"මම මේ ගෙදරින් කෑම ගන්න එක නවත්තලා දැම්මා. පස්සේ ලොකු අක්කයි නෝන අක්කයි සල්ලිවලට මට කෑම දුන්නා..."

"එදා 22 වැනිදා රෑ ලොකු අක්කා මේ ගෙදරට ආවා. මේ ගෙදරට ආවා. පොලී සල්ලි වගයක් දෙන්න. ඒ වෙලාවෙත් මෙයා එයා එක්ක මට බැනලා තිබුණා. ඊට පහුවෙනිදා උදේ මම එහේ කෑමට ගිය වෙලාවේ ලොකු අක්කා මට කිව්වා ඊයේ රෑත් අරයා මල්ලිට හොඳටම බැන්නා කියලා.."

"එදා... මම මේක අහන්න කීප වතාවක්ම උත්සහා කළා. ඒත්... අයියා ගෙදර හිටපු නිසා මට අහගන්න බැරිවුණා. මම හිතේ තරහ හිතේ තියාගෙන පාඩුවේ හිටියා.."

"පහුවෙනිදා උදේ මම කඩේට ගිහින් සිගරට් එකක් එහෙම බීලා යෝගට් බීම එකකුත් බීලා ගෙදර එද්දි නදීකා අක්කා නයිටියක් ඇඳගෙන සාලේ සැටියට වෙලා කකුල් දෙකත් උඩ දාගෙන හිටියා. ඒ වෙලාවේ මට එයා එක්ක පුදුම තරහක් ආවේ. ඇයි මට මූනට බනින්නේ නැතුව එක එක්කෙනා එක්ක බනින්නේ නැතුව එක එක්කෙනා එක්ක බනින්නේ කියලත් අහන්න හිතුණා. ඒත් තරහා වැඩිකමට මට ඒ වෙලාවේ හිතට ආවේ වෙනමම අදහසක්.."

"මම අක්කේ මට කූල් වතුර එකකු දෙන්න කියලා ඉල්ලුවා. එයා ඒක ගේන්න සැටියෙන් නැගිටින්න හදනකොටම මම කිව්වා අක්ක ඉන්න මම ගිහින් ගන්නම් කියලා මම කුස්සියට ගියා. ගිහින් කුස්සියේ තිබුණු පිහියත් අරගෙන සාලෙට එද්දි නදීකා අක්කේ හොඳටම බයවෙලා නැගිටින්න හැදුවා..."

"මම පැනලා එයාව අල්ලගෙන අතින් කට වහලා කාමරේට ඇදගෙන ගිහින් ඇඳට දැම්මා. දාලා මමත් ඇඳට නැග්ගා. ගෑනි දඟලනවා. මම හිටපු පැත්තේ හැටියට පහසුවෙන්ම අනින්න පුළුවන් වුනේ බඩේ යට හරියට. පළවෙනි පාර ඇන්න ගමන් එයා යටි ගිරියෙන් කෑ ගැහුවා. මම එයාගේ කට වහලා බඩට ඇනගෙන ඇනගෙන ගියා.."

"දැඟිලිල්ලට එයාගේ ඇඳුම ගැලවිලා ගියා. ඊළඟය මම පපුව දෙපැත්තට ඇන්නා. ඒ පාරවල් එක්කම එයාගේ කෙඳිරිය අඩුවුණා. ටික ටික දැඟලිල්ල අඩුවුණා. මම එයාගේ බෙල්ල හරවා හරවා දෙපැත්තම කැපුවා.."

"පස්සේ ඇඳේ එහා පැත්තෙන් බිමට පැනලා පිහිය අරගෙන ගිහින් මගේ නාන ෂවර් එකෙන් හෝදලා පිටිපස්සේ කැලෑවට වීසි කළා. පස්සේ කාමරේට ගිහින් ලේ ගෑවිච්ච ඇඳුම් ගලවලා තුවායක් ඇඳගෙන පරණ කිළිටි ඇඳුම් ටිකත් අරගෙන නාන ෂවර් එක ළඟට ගිහින් සේරම රෙදි ටික සෝදලා දාලා හොඳට නෑවා. පස්සේ නෝන අක්කාගේ ගෙදර ගිහින් දවල්ට කාලා ඇවිත් කාමරේ ඉන්දෙද්දී තමයි පුතා ඇවිත් මට කතා ක‍ළේ.."

"මට කෙළින්ම බනින්නේ නැතුව එක එක්කෙනා එක්ක බැනපු තරහාටයි සර් මගේ අතින් එහෙම දෙයක් වුණේ.."

සැකකාර ජගත් එසේ සියල්ල හෙළි කළා. ඝාතනය කෙරුණු කුමාරි රත්නායක පසුවුනේ 39 වියේයි.

නදීකා ඝාතනය ජගත් ගේ වැඩක් වුවත් ඔහු මනුෂ්‍ය ඝාතනයක් සිදු කරන තැනට පත් කරන අය නිදැල්ලේ සිටී. කේලාම් කීම ඕපාදූප සොයමින් රට කෙටවීම බොහෝ අවදානම් බව මේ සිද්ධියෙන් මනාවට පැහැදිලි වේ.

-තක්ෂිලා ජයසේකර-
මාංචු පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිණි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top