ගිනිගත් නෞකාවේ කපිතාන්ගේ ප්‍රකාශ අද අධිකරණයට
Monday, 14 September 2020 - 8:27 | Views - 422
ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කර ගත් ප්‍රකාශ පිලිබඳ වාර්තාවක් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළා.
ඒ ඉදිරි ක්‍රියාමාර්ග සදහා නියෝගයක් ලබා ගැනීමටයි.
නෞකාවේ පතුල සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ කිමිදුම්කරුවන්, නාවික හමුදා කිමිදුම්කරුවන් සමඟ එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කළා. ගැඹුරු මුහුදේ මෙම මෙහෙයුම පුහුණු අභ්‍යාසයක් ලෙස සලකා සිදුකරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කළේ.
නාවික හමුදා කිමිදුම්කරුවන් පෙරේදා නෞකාවේ පිටුපස පතුලේ දැවිතෙල් කාන්දු වූ විවර දෙකක් වසා දැමීමට සමත් වුණා.
නෞකාව මේ වනවිට මඩකලපුව සහ කල්මුණේ අතර මුහුදු ප්‍රදේශයේ ගොඩබිමට නාවික සැතපුම් 47 ක් දුරින් පවතිනවා.
Share This Article