රජයේ ඉදිරි ගමනට ජනපති වියත් මගේ සහය ඉල්ලයි
Monday, 14 September 2020 - 8:24 | Views - 642
රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වියත්මග සංවිධානයේ වියතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
දේශපාලන අධිකාරිය මැදිහත්විය යුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැළසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම වියත් මග ඉදිරියේ ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වියත්මග සභාපතිවරයා ලෙස ඊයේ පස්වරුවේ ඇතුල්කෝට්ටේ පිහිටි එම කාර්යාලයේදී පළමුවරට එහි සාමාජිකයන් හමුවෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
ග්‍රාමීය, නාගරික ඇතුලු සියලු ජන කොටස් ආර්ථික සහ සාමාජීය වශයෙන් නගා සිටුවීමට ප්‍රමුඛත්වය දෙමින් රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපනය කර තිබේ.
එකී අරමුණු ජයගැනීමට දායකවිය හැකි ආකාරය ජනාධිපතිවරයා මෙහිදී වියත් මග විධායක සභාවට පෙන්වාදී තිබෙනවා.
Share This Article