ගිනිගත් නෞකාවේ කාර්ය මණ්ඩලයෙන් CIDය ලබාගත් ප්‍රකාශ හෙට අධිකරණයට
Sunday, 13 September 2020 - 13:42 | Views - 297
ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ  ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.  

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කරගත් කරුණු හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කර ඒ පිළිබද ඉදිරි ක්‍රියාමාර්ග සදහා නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.  

ගිනිගැනීමට ලක්වූ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ  සටහන් කරගනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් අවසරය මතයි.

මේ අතර, ගිනි ගැනීමට ලක්වු නෞකාවේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද හෙට සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කර සිටියා.

නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවේ නැගෙනහිර - සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 47 ත් 50ත් අතර දුරින් ස්ථානගතව පවතින බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

එමෙන්ම, මොරිෂස් සිට ඊයේ රාත්‍රියේ ටග් යාත්‍රාවක් නෞකාව පිහිටි ස්ථානයට පැමිණ ඇති අතර මේ වන විට නෞකාව ආසන්නයේ ටග් යාත්‍රා 08ක් ස්ථානගතව පවතින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා කියා සිටියේ.

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගම සහ ගලවා ගැනීමේ සමාගමක් එක්ව නෞකාව අලූත්වැඩියා කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් සිටින බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අප කල විමසීමකදි වැඩිදුරටත් සඳහන් කර සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top