මංතීරු නීතිය අනිද්දා සිට යළි ක්‍රියාත්මකයි
Saturday, 12 September 2020 - 14:36 | Views - 1,127
මංතීරු නීතිය අනිද්දා සිට යළි ක්‍රියාත්මක කරන බව පොලිස් රථවාහන මූලස්ථානය පවසනවා.
එහි අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ සඳහන් කළේ නැවත අරඹමු මහමග විනය යන තේමාව යටතේ එය යළි ක්‍රියාවට නැංවෙන බවයි.
ඒ අනුව ගාලු පාර, හයිලෙවල් මාර්ගය, බේස්ලයින් පාර සහ ශ්‍රී ජයවර්ධනපුර - කෝට්ටේ මාර්ගය කේන්ද්‍ර කරගනිමින් අනිද්දා සිට මංතීරු නීතිය යළි ක්‍රියාවට නැංවෙනු ඇති.
Share This Article