FCIDය සිදුකළ විමර්ශන බල රහිත බවට ප්‍රකාශයක්
Saturday, 12 September 2020 - 13:24 | Views - 653
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හෙවත් FCIDය සිදුකළ විමර්ශන මෙන්ම එම ආයතනය ගනු ලැබූ තීන්දු තීරණ නීතිය ඉදිරියේ ශුන්‍ය හා බල රහිත බව දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
ඒ, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා ඊයේ කොමිසමට කළ කරුණු දැක්වීමේදීයි.
දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ පොලිස් ආඥා පනත අනුව පොලිස්පතිවරයාට FCID ය වැනි විශේෂ පොලිස් කොට්ඨාශයක් පත් කිරීමේ හැකියාව තිබේද යන්නයි.
පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තිය අනුව එසේ කළ නොහැකි බව සාක්ෂිකරු පැවසුවා.
Share This Article