තෙල් පැල්ලම නිසා මොරිෂස් දිවයිනට ජපාන නැව් සමාගමෙන් ඩොලර් මිලියන 9.4ක්
Friday, 11 September 2020 - 14:31 | Views - 649
අනතුරට ලක්වූ සිය තෙල් නෞකාවක් ඉන්දීය සාගරයේ ඇති කළ තෙල් පැල්ලම හේතුවෙන් ජපාන නෞකා සමාගමක් විසින් එහි බලපෑම සිදුවූ මොරිෂස් දිවයිනට ඩොලර් මිලියන 9.4 ක මූල්‍යාධාර සැපයීමට එකඟ වී තිබෙනවා.
මිට්සුයි ඕ එස් කේ නෞකා සමාගම ඉදිරි වසර කිහිපය තුළ මෙම මූල්‍යාධාරය ලබාදෙන්නේ තෙල් කාන්දුවෙන් එහි සමුද්‍රීය පරිසරයට සිදුවූ හානිය ප්‍රතිෂ්ඨාපනය කිරීමටයි.
බොරතෙල් ටොන් 4,000 ක් එම්.වී. වකෂියෝ ඉන්ධන නෞකාව පසුගිය ජූලි 25 වනදා මොරිෂස් වෙරළට ඔබ්බෙන් මුහුදේදී අනතුරට ලක්වූ අතර, ඉන් තෙල් ටොන් දහසක් පමණ සමුදුරට එක්වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
Share This Article