කොවිඩ් තත්වය හා නිවාරණය පිලිබඳ යළිත් දැනුවත් කිරිමේ වැඩපිළිවෙලක්
Friday, 11 September 2020 - 12:17 | Views - 626
ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්වය හා නිවාරණය පිලිබඳ යළිත් වැඩි වශයෙන් මහජන අවධානය යොමු කර ගැනීම උදෙසා වැඩළිවෙළක් ක් ඇරඹීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එම වැඩපිලිවෙලේ එක් පියවරක් ලෙස සතිපතා ප්‍රවත්ති සාකච්ජාවක් පවත්වා මාධ්‍යවේදීන් දැනුවත් කරන ලෙස වැඩබලන සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තමාට ඊයේ (සැප් 10) පැවති සාකච්ජාවකදී උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පැවසුවා.

වසංගත රෝග විද්‍යා අංශය ඇතුළුව සියලු වගකිවයුතු ආයතන මෙම ප්‍රවත්ති සාකච්ජාවට එක්වීමට නියමිතයි.

සතියේ නිශ්චිත දිනයක සහ වේලාවකදී මෙම විශේෂ කොවිඩ් -19 ප්‍රවෘත්ති සාකච්ජාව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේදී පැවැත්වෙන බව සඳහන්.

ලබන සතියේ සිට මෙම ප්‍රවත්ති සාකච්ජා මාලාව ඇරඹෙන අතර කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය හා නිවාරණය ආශ්‍රිතව පැනනගින ගැටලු විමසා පිළිතුරු ලබාගැනීමට මාධ්‍යවේදීන්ට වැඩි අවස්ථාවක්ද මේ නිසා උදාවනවා.

කොවිඩ් -19 නිවාරණය පිළිබඳව අඩු වැඩි වශයෙන් ,කෙමෙන් අමතකව යාමේ ලක්ෂණ ශ්‍රී ලාංකේය සමාජයේ පෙන්නුම් කරමින් පවතින බවද අධ්‍යක්ෂවරයා පවසනවා.

මේ තත්වය රටක් වශයෙන් එතරම් යහපත් ප්‍රවණතාවක් නොවන බැවින් යලිත් මහජන අවධානය වැඩි වශයෙන් කොවිඩ් -19 නිවාරණය පිලිබදව යොමුකර ගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කෙරෙන අතර මේ දක්වා ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 ව්‍යාප්තිය සාර්ථක ලෙස පාලනය කිරීමට හැකිවූයේ මහජනතාව ලබාදුන් අනගි සහාය නිසා බවද ඔහු පෙන්වා දෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top