ගෙදරට ආපු වැඩිමහල් බෝඩිම්කාරියගෙන්, තමන්ගේ ආශාවන් සපුරාගන්න ගිය සංගීත්ට, අන්තිමේ සිදු වුණු නොසිතූ විනාශය
Friday, 11 September 2020 - 11:41 | Views - 403

ජීවිතේ සාර්ථකත්වයට වගේම අසාර්ථකත්වයට විවිධ හේතූ බලපානවා. විශේෂයෙන්ම අපි ආශ්‍රය කරන සමාජය මේකට ලොකු බලපෑමක් කරනවා.
සමාජ ආශ්‍රය කියන එක යහපත් අයහපත් කියලා කොටස් දෙකක් තියනවා. හොඳ මිතුරන්ගේ මාර්ගපදෝශය තේරුම් ගන්න බැරිවෙච්ච තරුණයෙක් ගැන කතාවක්..
එහෙම නම් හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් හිතන්න....
සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 129 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.....
මේ කතාව සංගීත් ගැනයි..
තරුණ වයස කියන්නේ කුතුහලය පිරිච්ච එකක්... තමන්ට දකින්න පේන "කුතුහලය පිරුණු දේ" අල්වාගෙන බලන්නට තරම් "තරුණ හිත්" කුලප්පු වෙන කාලයක් ඒක.. සංගීත් කියන්නෙත් ඒ මුහුකුරා ගිය දරුණුතම වයස් සීමාව පසු කරමින් හිටපු කෙනෙක්...
සංගීත්ගේ "කුතුහලය පිරුණු" යෞවනයේ ආදරණීය සඟයන් දෙදෙනා වුනේ කනිෂ්ක සහ සම්පත්. "උසස් පෙළ" එකපාරක් අනාගත්තූ මේ තුන්දෙනා ආපහු වතාවක් උසස්පෙළ ලියන්න සුදානමින් හිටියා.
ඒත්.... උසස්පෙළ විභාගයටත් වඩා වෙනත් "ලිංගික භීතිකාවක්" සංගීත්ව අරක් ගෙන තිබුණා. "ලිංගික" චිත්‍රපටිවලට තදින්ම ඇබ්බැහි වුනු සංගීත්ට ඒ වීඩියෝ දර්ශන ඇතුළේ පෙන්නන දේ අත්හදා බලන්න කුතුහලයකින් හිටියා.
එක්තරා කාලයක "කණිෂ්කගේ රූමත් පුංචි" මේකේ "කොටස්කාරියක්" කරගන්න හිතුවත් සංගීත්ට ඒ වරම අහිමි වෙනවා. ඊළඟට ඔහු උත්සහා කළේ තමන්ගේ නිවසේම නවාතැන් ගත්තූ වැඩිමහල් "බෝඩිම්කාරියගේ" පහස විඳගන්න.
ඔහු කියන විදිහට "ආදරයක්" නොවුනු ඊට කිසිසේත්ම සමාන නොවුනු මේ "කාලකණ්ණි ආශාව" හිතේ හැටියට විඳගන්න ඔහුට පුළුවන් වෙනවා. ඒ දේ අන්තිමට කෙළවර වුනේ සංගීත් තමන්ගේ ටියුෂන් පන්ති පවා මඟ හැර ගනිමින්. ඔහුට අර "වැඩිමහල් ලිංගික සහායිකාව" ඒ පහසින් ගැලවෙන්නේ ඉඩ තිබ්බේ නැහැ.
ඒත්... ටිකෙන් ටික කාලය ගත වෙද්දි තමන්ගේ ශරීරයේ සිද්ධ වෙන "අමුතු වෙනස" ට සංගීත් බය වෙනවා. එතකොට තමයි එයා දැන ගන්නේ තමන්ට අර සහයිකාව අපූරු තෑග්ගක් දී ඇති බව...
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
සංගීත්-ගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්.......
Share This Article