ජෙනෙලියා ඩීසූසාහට සති තුනක් පුරාවට මහල් නිවාසයක තනිවම කාලය ගත කරන්නට සිදුවෙලා
Friday, 11 September 2020 - 11:22 | Views - 870
ජෙනෙලියා ඩීසූසාහට සති තුනක් පුරාවට මහල් නිවාසයක තනිවම කාලය ගත කරන්නට සිදුව තිබෙනවා.

කොරෝනා වෛරස් වසංගතයේ බලපෑම තවමත් බලපෑම් කරමින් සිටියදී දේශීය සංචාරයක් අතරතුර සිදු කළ වෛරස් පරීක්ෂණය ධනාත්මක වීම ඇයට මෙලෙසින් තම පවුලෙන් දුරස්ව ගත කිරීමට හේතු වුණා. පරීක්ෂණ ප්‍රතිඵල ලද විගස ඇය ලිලාවතී රෝහල කරා ගියද රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ බැවින් ඇයට තමන්ගේ නිවෙසක රැඳී සිටීමේ අවස්ථාව හිමි වුණා.

"එය වඩාත්ම අභියෝගාත්මක කොටසයි. මගේ නිවසේ වෙනම කාමරයක පමණක් නිරෝධායනය කළ යුතුව තිබුණා.

කිසිවෙකුගේ අඩි ශබ්දයක්වත් නොඇසෙන තැනක තනිව සිටීම ඉතාම දුෂ්කරයි" ජෙනෙලියා පවසන්නීය.

නමුත් ඥාති හිත මිතුරන්ගේ ඇමතුම් ඇයට මහත් අස්වැසිල්ලක් වී ඇත.

සැමියා රිතේෂ් සහ දරුවන් ධනාත්මක නොවීම සැනසීමක් වූ බවත් රිතේෂ් විසින් දරුවන් දෙදෙනාගේ වගකීම තනිව භාරගත් අවස්ථාව ඉතාම සංවේදී වූ බවත් ජෙනෙලියා පවසනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top