නිව් ඩයමන්ඩ් නෞකාව ගිනි තිබ්බා ද ? ගිනි ගත්තා ද ?
Friday, 11 September 2020 - 10:06 | Views - 372
නැගෙනහිර වෙරළ ආසන්නයේදී තෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන්ද පරීක්ෂණ සිදුකෙරෙන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හිරු ඇත්ත වැඩසටහන වෙත එක්වෙමින්.
නැව ගිනිගන්නා බවට ප්‍රථමයෙන් තොරතුරු එම නෞකාවෙන් නොලැබුණු බවත් එම නෞකාව ආසන්නයෙන් ගමන්කළ වෙනත් නෞකාවකින් එම තොරතුරු ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලැබුණු බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හිරු කළ විමසීමකට අනුවයි.
Share This Article