මම නිර්දෝෂීයි.. මම යමක් කළා නම් ඒ සුශාන්ත්ට ආදරේ නිසයි
Friday, 11 September 2020 - 9:07 | Views - 932
ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ පෙම්වතිය වන රියා චක්‍රබෝර්ති පසුගිය දිනෙක ඉන්දිය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය විසින් අත්අඩංගුවට ගත්තා.

ඒ, සුෂාන්ත්ගේ සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලදී අනාවරණ වූ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙනුයි.

දින තුනක් පුරා සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇයව අත්අඩංගුවට ගත් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය ජුනි මස 14 වනදින සිදු වූ සුෂාන්ත් සිංගේ මරණය සම්බන්ධයෙන් රට මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් සිදුකළ පරීක්ෂණවලදී රීයා චක්‍රබොර්ති විත්තිකරුවෙකු ලෙස නම් කරනු ලැබුවා.

මීට ප්‍රථම ඇයගේ සහෝදරයෙකු ෂොයික් චක්‍රබෝර්තිද මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව ද සඳහන්.

රියාගේ දුරකථනයේ තිබු කෙටි පණිවුඩ සහ සංවාද සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් අනතුරුව ඇයව මත්ද්‍රව්‍ය පාලන කාර්යංශ භාරයට ගෙන තිබෙනවා.

එම සංවාද අනුව රියා විසින් සියදිවි හානිකර ගනු ලැබූ බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් හට මත්ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කර ඇති බව අනාවරණවී ඇති බවයි අනාවරණවී ඇත්තේ.

ඇය මාධ්‍යට සඳහන් කර තිබුණේ "මම නිර්දෝෂීයි.. මම යමක් කළා නම් ඒ සුශාන්ත්ට ආදරේ නිසයි.." කියලායි.

ඇය තමාට ඇප ඉල්ලා අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇති අතර එහි තීන්දුව හෙට දිනයේ නිකුත් වනු ඇති.

කෙසේ වෙතත් "ඉන්දිය ටුඩේ" වාර්තා කළේ ඇයට අද රාත්‍රීයත් බන්ධනාගාරයේ ගත කිරීමට සිදු වන බවයි.

මේ සම්බන්ධයෙන් වරදකරු වුවහොත් රියාට වසර දහයක සිර දඬුවම් හිමි වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඇයගේ ඇප ඉල්ලීම මත තමා නිර්දෝෂී බව ඇය ප්‍රකාශ කළ අතර ඇය ඒ සම්බන්ධයෙන් ස්වං පාපොච්චාරණයක ද නියැලී තිබුණා.

මේ පිළිබඳව බොහෝ පිරිසකගේ අවධානය දැන් යොමුව ඇති නිසාම නීති විශාරදයින් රියාට ඇප ලැබෙයිද? නැතහොත් සිරදඬුවම් විඳිමට සිදු වේද? යන්න ගැන විවිධ තර්ක විතර්ක සිදු කරමින් සිටිනවා.

මීට පෙර ෂොයික් අත්අඩංගුවට ගැනීමත් සමඟ රියාගේ පියා වන ලුතිනන් කර්නල් ඉන්ද්‍රජිත් (ඔහු දැන් විශ්‍රාමිකයි.) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ෂොයික් ගෙන් පසුව ඊළඟ දඩයම රියා බවයි.

"සුබ පැතුම් ඉන්දියාවට ! ඔබ මගේ පුතාව අත්අඩංගුවට ගත්තා. මට විශ්වාසයි ඊළඟට මගේ දුව කියලා. ඒ විදිහට ඔබ සියලු දෙනා මගේ මධ්‍යම පාන්තික පවුල ඉතා ඉක්මනින් කඩා බිඳ දමාවී. ඒත් ඇත්ත වශයෙන්ම, යුක්තිය උදෙසා කටයුතු සිදු වන බව මම හිතනවා. ජය හින්ද්!"
Her Bollywood actor boyfriend's death prompted a media firestorm. Now,  she's been arrested on alleged drug offenses - Mountain Top MediaRhea Showik Chakraborty Listening to Replace | Sushant Singh Rajput Case  Newest Information Updates: Rhea Chakraborty Periods Court docket Bail  Listening to As we speak | Listening to on the bail plea
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top