ජනපති කොමිසමේ සාක්ෂි පටිගත කළ මවුලවිවරයා, උලමා සංවිධානයෙන් ඉල්ලා අස්වෙයි
Friday, 11 September 2020 - 8:12 | Views - 662
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සාක්ෂි ලබාදෙන ආකාරය පටිගත කිරීමේ සිද්ධියකට චෝදනා එල්ල වූ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සහකාර මහ ලේකම්වරයාගේ ක්‍රියාව සම්බන්ධයෙන් එම සංවිධානය දැඩි අප්‍රසාදය හා කණස්සල්ල පළ කර තිබෙනවා.

එමෙන්ම, තම සංවිධානයෙන් ඔහු තාවකාලිකව ඉල්ලා අස්වූ බවටයි නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සඳහන් කළේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා සාක්ෂි ලබා දෙන අවස්ථාවේදී එය සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සහකාර මහ ලේකම්වරයා රහසිගත ලෙස පටිගත කර තිබුණා.

පසුව, කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරින් ඔහුව පිටතට රැගෙන ආ අතර, ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස ද කොමිසමේ සභාපති විනිසුරුවරයා එහි පොලිස් ඒකකයට නියෝග කරනු ලැබුවා.

එමෙන්ම, සහකාර ලේකම්වරයාට සහ සහය දුන් නීතිඥවරයාට අභියාචනාධිකරණය හමුවේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි පාස්කු කොමිසමේ සභාපති විනිසුරු, එහි ලේකම්වරයාට නියෝග කළේ.

කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ විධායක කමිටු රැස්වීමක් ඊයේ කැඳවූ අතර, එහිදී ඔවුන් විසින් තීරණය කර ඇත්තේ තම සංවිධානයේ ව්‍යවස්ථාවට අනුකූලව සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක්ද පත් කිරීමටයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top