ලෙබනනයේ බීරූට් අගනුවර වරායේ නැවතත් ගින්නක් -[Video]
Thursday, 10 September 2020 - 17:14 | Views - 828
ලෙබනනයේ බීරූට් අගනුවර වරායේ ගින්නක් හටගෙන තිබෙනවා.
ඒ එම ප්‍රදේශයේ විශාල පිපිරීමක් සිදුවී සති කිහිපයකින් අනතුරුව වීම විශේෂත්වයක්.
කෙසේවෙතත් අද ගින්න හටගැනීමට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.
ගින්න මැඩපැවැත්වීම සඳහා බීරූට් ආරක්ෂක අංශ ඇතුලු ගිනි නිවීමේ ඒකක උත්සාහ ගනිමින් සිටිනවා.
වරාය භූමියෙන් විශාල දුම් වළාවක් අහසට නැගෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
වසර 7කට ආසන්න කාලයක් බීරූට් වරාය භූමියේ ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය තොගයක් පිපිරී යාමෙන් පසුගියදා පුද්ගලයන් 191 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුනා.
තුවාල ලැබූ සංඛ්‍යාව 6500කට අධිකයි.
පසුගිය අගෝස්තු මස 4 වනදා බීරූට් වරායේ එම පිපිරීම සිදුවූයේ ඇමෝනියා ටොන් 2750ක පමණ ප්‍රමාණයක් පිපිරී යාමෙන්.
Share This Article