මැතිවරණ උණුසුම මැද්දේ මහදවල් මරා දැමුණු, අනියම් පෙම්වතියන් 25ක් ඇසුරු කළ, SF ලොක්කාගේ තවත් කෙරුවාවක් එළියට
Thursday, 10 September 2020 - 16:14 | Views - 359
වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් ඝාතනයට ලක්වූ එස්.එෆ්. ලොක්කාගේ අනියම් බිරියක් බව කියන තැනැත්තියට එස්.එෆ්. ලොක්කාගේ නීත්‍යනුකූල බිරිය බව කියන තරුණ කාන්තාවක විසින් අන්තර් ජාලය ඔස්සේ නිරුවත් ඡායාරූප පළකරන බව කියමින් දුරකථනය මඟින් තර්ජනය කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අනුරාධපුර කාර්මික පෙදෙස දහයියාගම හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොකු නොහොත් “දහයියාගම ලොකු මල්ලි“ යන අන්වර්ථ නම්වලින් හඳුන්වන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා හෙරොයින් ජාවාරම්කරුවකු වූ ඔහු පසුගිය අගෝස්තු 05දා වෙඩික්කරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත් වුනා.

වෙඩි ප්‍රහාරය එල්ල වනවිට ඔහු සිටි මෝටර් රථයේ පිටුපස විවාහක කාන්තාවකද සිටි අතර ඇය එස්.එෆ්. ලොක්කාගේ පෙම්වතිය බව පැවසුණා.

එම කාන්තාවද හෙරොයින් ජාවාරම්කරුවකු සමඟ විවාහ වී සිටින එක්දරු මවක් බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

පැමිණිලිකාර තරුණ කාන්තාවට මීට දින දෙකකට පමණ ඉහතදී එස්.එෆ්. ලොක්කාගේ බිරිය බව කියන කාන්තාව විසින් දුරකථන ඇමතුමක් ලබාදී තමන් සන්තකයේ නිරුවත් ඡායාරූප ඇති බවත් ඒවා අන්තර් ජාලයට මුදාහරින බවත් පවසමින් තර්ජනයක් කළ බව පවසමින් උතුරු මැද පළාතේ උසස් පොලිස් නිලධාරියකුට පැමිණිලි කිරීමත් සමඟ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්.

ඒ අනුව තර්ජනය කළ බව කියන කාන්තාව ඊයේ (09දා) අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන තිබුණා.

පැමිණිලිකාරිය සඳහන් කරන ආකාරයට එවැනි තර්ජනයක් තමන් සිදුනොකළ බව අෑ පොලිසිය හමුවේ පවසා ඇති බව සඳහන්.

චෝදනාවට ලක්ව සිටින කාන්තාව ඩුබායි රටේ එස්.එෆ්. ලොක්කා සමඟ සිටියදී එස්.එෆ්. ලොක්කාගේ ජංගම දුරකථනයක තිබූ සිය නිරුවත් ඡායාරූප හොර රහසේ රැගෙන ඒවා අන්තර් ජාලයට මුදාහැරීමේ තැතක් ඇති බවට සැකකරන බවද පැමිණිලිකාර එක්දරු මව පොලිසිය හමුවේ පවසා තිබුණා.

දෙපාර්ශ්වයේම කරුණු විභාගයට ගෙන සිද්ධිය සමථ කිරීමට උත්සාහ කරන බවත් එසේ නොමැති වුවහොත් ඒ සම්බන්ධයෙන් අනුරාධපුර මහෙස්ත්‍රත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඉදිරි නීතිමය කටයුතු සිදුකරන බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසනවා.

ඝාතනයට ලක්වූ ඉරෝන් රණසිංහ නමැත්තාට අනියම් බිරින්දෑවරුන් 25 දෙනකු සිට ඇති බව පොලිසිය ඔහු ඝාතනය වීමෙන් පසුව සිදුකළ පරීක්ෂණවලින් නිවැරැදිව අනාවරණය කරගෙන තිබුණා.

උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්. සංජීව මහනාම මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය පිළිබදව ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top