කුතුහලයේ ගිල්වන අපරාධමය කතා මාලාවක පළමුවැන්න 'වෙඩි හඩින් කැළඹුණු නුගේගොඩ'කෘතිය එළිදක්වයි
සහන් ලක්ෂිත විසින් ලියන පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට ඔබව කුතුහලයේ ගිල්වන අපරාධමය කතා මාලාවක පළමුවැන්න "වෙඩි හඩින් කැළඹුණු නුගේගොඩ" ලෙසින් පසුගියදා(09) කර්තෘ ප්‍රකාශයක් වශයෙන් නිකුත් විය.
අතීතයේ සිට මෙරට සිදු වූ අභිරහස් මනුෂ්‍ය ඝාතන, සොරකම්, වංචා, දූෂණ ආදී සෑම අපරාධයක්ම යුක්ති සහගත අයුරින් විසදා අගතියට පත් වූ පාර්ශවයට අගතියක් නොවන අයුරින් සාධාරණය ඉටු කිරීමට ඇප කැපවී ක්‍රියා කල ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරියේ නියුතු සියළුම අවංක දක්ෂ නිලධාරීන්ගේ නාමයට පිදුමක් එක් කිරීම සංකේත්වත් කරමින් එම ග්‍රන්ථයේ මුල් පිටපත් වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාටද,, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට පිළිගැන්වීමද එදින කොළඹ පොලිස් මූලස්ථානයේදී සිදු කෙරිණි.
2018 නව වසර උදා වූ දින නුගේගොඩ නගර මධ්‍යයේ සිදු වූ දරුණු අපරාධයක් විසදීමට වෙහෙසුණු කොහුවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු හා ඔහුට සහාය වූ පොලිස් සැරයන්වරයෙකු වටා ගෙතී ඇති මෙම නව කතාව කර්තෘවරයාගේ ස්වතන්ත්‍ර නිර්මාණයකි.