දියවන්නා ඔයේ තිබී හමුවූ මළසිරුරේ අනන්‍යතාවය තහවුරුවෙයි
Thursday, 10 September 2020 - 13:38 | Views - 655
පාර්ලිමේන්තුව අසළ පිහිටි පොල්දූව පාලම ආසන්නයේ දියවන්නා ඔයේ තිබී අද පෙරවරුවේ සොයා ගත් මළසිරුරේ අනන්‍යතාවය මේ වන විට තහවුරු වී තිබෙනවා.
74 හැවිරිදි මිය ගිය පුද්ගලයා හෝකන්දර - සිංහපුර ප්‍රදේශයේ පදිංචි අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
එසේම ඔහු පසුගිය සඳුදා ඥාතීන්ට නොදන්වා නිවසින් පිටව ගොස් ඇති බවට ඔහුගේ පුත්‍රයා එදිනම තලංගම පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.
මෘත ශරීරය සම්බන්ධයෙන් අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Share This Article