'මගේ පිස්සු ජීවිතය අවසන්' - ඉන්දියානු ක‍්‍රිකට් සභාපති ගංගුලි කියයි
Thursday, 10 September 2020 - 11:01 | Views - 467
මාස හයකට පසුව ගුවන් යානයකින් පියාසර කළ ඉන්දියානු ක‍්‍රිකට් සභාපති සව්රව් ගංගුලි ඊයේ (09) ඩුබායි ගුවන් තොටුපොළින් ගොඩ බැසීමෙන් පසුව ‘‘මගේ පිස්සු ජීවිතය අවසන්. . ’ යැයි සිය ඉන්ස්ටග‍්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

කොරෝනා වසංගතය හමුවේ කොටුවී සිටි ඉන්දියානු ක‍්‍රිකට් සභාපතිවරයා සිය ඥතීන්ට කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් පසුගිය කාලයේදී නිරෝධානයටද ලක්විය. කෙසේ වෙතත් ලබන 19 වැනිදා චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් අතර තරගයෙන් ආරම්භ වන අයි. පී. එල්. සමාරම්භය වෙනුවෙන් සව්රව් ගංගුලි මෙසේ ඩුබායි බලා පිටත් විය.

විස්සයි විස්ස ලෝක කුසලාන කල් දැමීමෙන් පසුව අයි. පී. එල්. තරගාවලිය පැවැත්වීමට ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයට හැකිවිය. යම් හෙයකින් මෙම වසරේදී අයි. පී. එල්. පැවැත්වීමට නොහැකි වූයේ නම් ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයට රුපියල් කෝටි 4000 ක ආදයමක් අහිමිව යෑමට තිබුණි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top