සුදු හාල් පරිභෝජනය කිරීමෙන් දියවැඩියා රෝගයට ගොඳුරුවීමේ අවදානමක්
Thursday, 10 September 2020 - 9:56 | Views - 1,656
රටවල් 21 ක වැඩිහිටි ජනගහනය යොදා ගනිමින් වසර 10 කට ආසන්න කාලයක් මුළුල්ලේ සිදු කරනු ලැබූ අධ්‍යයනයකට අනුව සුදු හාල් පරිභෝජනය කිරීමෙන් දියවැඩියාවට ගොදුරු වීමේ අවදානම වැඩි වන බව නැවත වරක් තහවුරු වී තිබේ.

ලොව පුරා රටවල් 21ක වාසය කරන වයස අවුරුදු 35-70 අතර වයස් කාණ්ඩයේ පසු වන එක් ලක්ෂ තිස් දෙදහස් තුන්සිය හැත්තෑ දෙකක (132,372) පිරිසක් සහභාගි කරගෙන පවත්වා තිබෙන මෙම අධ්‍යයනයේදී සුදු හාල් පරිභෝජනය සහ දියවැඩියා අවදානම අතර ඉහළ සම්බන්ධතාවයක් පවතින බව අනාවරණය වී ඇති අතර දකුණු ආසියාතික ජනගහනය තුළ මෙම දියවැඩියා අවදානම පොදු තත්ත්වයක් වී ඇති බව පර්යේෂකයින් විසින් ප‍්‍රකාශ කර තිබේ.

පර්යේෂකයන්ට අනුව සුදු හාල් සැකසීමේදී හා ශුද්ධ කිරීමේ ක‍්‍රියාවලියේදී එහි අඩංගු විටමින් බී වැනි පෝෂක ද්‍රව්‍ය ඉවත් වීම හේතුවෙන් එම හාල් පරිභෝජනය කිරීමෙන් රුධිරගත සීනි ප‍්‍රමාණය ඉහළ යයි.

මෙම අධ්‍යයනය චීනය, බ‍්‍රසීලය, ඉන්දියාව, උතුරු හා දකුණු ඇමරිකානු රටවල්, යුරෝපය හා අප‍්‍රිකාව යන රටවල පර්යේෂකයෝ හා ජාත්‍යන්තර පර්යේෂණ ආයතන රැසක දායකත්වයෙන් සිදු කර තිබේ.

මෙහිදී එක් පුද්ගලයෙකුට පරිභෝජනය සඳහා ලබා දී ඇති සුදු හාල් ප‍්‍රමාණය මිලි ග‍්‍රෑම් 128කි. මෙම දියවැඩියා අවදානම අඩු කර ගැනීම සඳහා දෛනිකව සුදු හාල් පරිභෝජනය කරන්නන් හට ඒ වෙනුවට වෙනත් සෞඛ්‍ය සම්පන්න ආදේශක ආහාරයක් තෝරා ගැනීමට හැකි අතර එසේ නැතිනම් එම හාලෙන් පිසින බත් සුළු වශයෙන් පරිභෝජනය කරමින් ඒ සමග කොළ එළවළු, ධාන්‍ය වර්ග හා ඇට වර්ග යහමින් පරිභෝජනය කළ හැකි බව ‘ඩයබෙටිස් කෙයාර්’ සඟරාවේ පළ කර ඇති අදාළ අධ්‍යයනයේ වාර්තාවේ සඳහන් කර තිබේ.

දිවයින පුවත්පතෙනි
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top