දිනක වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයින් ගණන ඉන්දියාවෙන් වාර්තාවෙයි
Thursday, 10 September 2020 - 9:31 | Views - 2,815
ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
නව මරණ 1168ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 75,091ක් ලෙස සටහන් වන අතර, නව ආසාදිතයින් 95,529ක් සමඟ එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,462,965ක් ලෙසයි.
ඇමරිකාවේ සහ බ්‍රසීලයේ යළි දෛනික මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ගත වූ පැය 24 තුළ එම රටවල් දෙකෙහි මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1154ක් සහ 1136ක් ලෙසයි.
ඒ අනුව ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 27,998,432ක් ලෙස සටහන් වන අතර, මරණ සංඛ්‍යාව 907,055ක් ලෙස දැක්වෙනවා.
Share This Article