මරණයෙන් පස්සේ ප්‍රේතියක් වී ශ්‍රීමාලිගේ ශරීරයට රිංගා ගත් ස්ත්‍රී භූතාත්මයක් හෙළි කළ, කතාව
Thursday, 10 September 2020 - 8:51 | Views - 531
විශ්වාසය හා අවිශ්වාසය අතර ජීවිතය දෝලනය වෙද්දි මිනිසුන් වැඩිපුරම විශ්වාසය තැබුවේ විශ්වාස කළ නොහැකි දේවල් මතයි..

තර්කයට බුද්ධියට හසු නොවන අදෘශ්‍යමාන ගුප්ත බලවේග දෘෂ්‍ය මානයේ පවතින ජීවිත-වලට කරන බලපෑම කලක සිටම මිනිසුන් අත්විඳ තිබුණා.

ඒ.. අත්දැකීම් ඔස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ඒ විශ්වාසයන් ගලා ගියා. විටෙක රාත්‍රීයේ අඳුරේ හුදකලාවේ පාළු මංසන්දියේ සුසාන භූමියේදී අදෘශ්‍යමාන බලවේග භූත ප්‍රේත හොල්මන් අවතාර ලෙසින් කළ බලපෑම ගැන වඩා වඩාත් විශ්වාස කරමින් භීතියට පත් වී තිබුණා.

මරණයෙන් පසු මරණයෙන් පිබිදුණු විශ්වයේ සැරිසරන අදිසි ගුප්ත බලවේග සොයා යන.. නවතම ටෙලිවිෂන් රූ මාලාවයි... "අඳුරු සෙවනැලි".

හිරු ටීවී නිෂ්පාදනයක් ලෙසින් දිග හැරෙන, "අඳුරු සෙවනැලි" අද්භූත ටෙලි නාට්‍ය මාලාව, සෑම අඟහරුවාදාවකම රාත්‍රී 10.30 ට හිරු TV ඔස්සේ විකාශනය වනවා.

මේ එහි අටවැනි දිගහැරුමයි....

ශ්‍රීමාලි හා රවිඳු කියන්නේ, කඳු නගින්න, විනෝද චාරිකා යන්න ඉතාමත් ප්‍රිය කරපු දෙන්නෙක්. එදා දවසේ ඒ දෙන්නට "මිතුරු හවුල" මඟ ඇරුණු නිසාම ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

අද්භූත කැලෑව ඇතුළින් යනකොට ඇහෙන "කාන්තාවකගේ අමුතු හඬක්" (ඒක නිකන් ආයාචනයක් වගේ.) සැරින් සැරේ ශ්‍රීමාලිට වද බන්ධන පමුණුවන්න ගත්තා. ඒක එහෙම් පිටින්ම "මායාවක්" හෝ "මවාපෑමක්" කියලා අමතක කරන්න හැදුවා වුනත් ශ්‍රීමාලිගේ පසුපස්සෙන්ම ඒ හඬ ඇදිලා ආවා.

අන්තිමේදී රවිඳුගෙත් ශ්‍රීමාලිගෙත් දුරකථන ක්‍රියා විරහිත වුනා. ඔවුන් දෙන්නා අර ගුප්ත වනාන්තරය ඇතුළේ අතරමං වුනේ නොහිතපු විදිහට. ඒත් අහම්බෙන් වගේ ඔවුන්ට ඈත තිබ්බ "බංගලාවක්" පෙනෙන්න ගන්නවා. ඒකේ හිටපු "අමුතු හාදයා" මේ දෙන්නට නවාතැන තෑගී දෙන්න කැමති වෙනවා..

ඒ අවසරයෙන් එහි නවාතැන් ගත්තූ දෙන්නටම අද්භූත හෙවනැල්ලක් දකින්න ලැබෙනවා. රවිඳුටත් මුලිච්චි වුනු අර කියපු "අද්භූත කාන්තාව" මේ බංගලාවත් අරක් ගෙන තිබුණා.

අන්තිමේ ඒ "නාඳුනන ස්ත්‍රී පරාණය" ශ්‍රීමාලිගේ ශරීරය අත්පත් කරගන්නේ රවිඳුවත් භීතියට පත් කරමින්. ඊට පස්සෙ තමයි බංගලාවේ මුරට හිටපු හාදයා මේ අපැහැදිලි කතන්දරේ ගළපන්න උත්සහා කරන්නේ.

මීට මාස ගාණකට කලින් දොළ පාර අයිනේ දූෂණය කරලා මරා දැම්ම අහිංසක කෙල්ලක් ගැන ඒ කතාව ඔහු කියනවා. ඒ කෙල්ලගේ පෙම්වතාත් ඒ නරුමයින් පිරිස මරා දමලා තිබුණා. තමන්වත් පෙම්වතාත් උදුරගත්තූ නරුම රැලගෙන් පළි ගන්න භූතාත්මය ආපු ගමනක් ගැන තමයි මේ අද්භූත කතාව....

අඳුරු සෙවනැලි අටවැනි කොටස පහතින් බලන්න...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top