මහනුවර කම්පන ගැන යළි පරීක්ෂණ
Thursday, 10 September 2020 - 8:40 | Views - 372
පසුගිය 29 වැනිදා සිට දින කිහිපයක් තුළ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇති වූ භූ කම්පනවල පැලුම් සහ භූගත ජලය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ප්‍රකාශ කළා.

එහි ඛනිජ සමීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ නලින්ද සිල්වා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ එම ප්‍රදේශවල මීට වසර කිහිපයකට ඉහතදීද භූ කම්පන සිදුවී ඇති බවයි.

ප්‍රදේශයේ සිදුකරන ඛනිජ සම්පත් කැණීම්වලදී මෙම කම්පන තත්ත්වයන් ඇතිවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර, මහවැලි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ වසන්ත ඇහැලපිටිය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ එම ප්‍රදේශවල සවිකර ඇති මාපකවල භූ කම්පන සටහන් වී ඇති බවයි.

කෙසේ වෙතත්, වික්ටෝරියා ජලාශ වේල්ලේ ආරක්ෂාව පිළිබඳව විශ්ලේෂණයක් සිදුකරන බවද ඔහු සඳහන් කළා.

අවස්ථා කිහිපයකදී මහනුවර දිස්ත්‍රික්කයේ අනුරගම, හාරගම, ගුරුදෙනිය, තලාතුඔය, අඹකොටේ සහ අලුත්වත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මෙම භූ කම්පන තත්ත්වයන් වාර්තා වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top